brand logo

මඩකළපුවේ අරසඩි ග්‍රාම සේවා වසම හුදකලා කරයි

17 January 2021

මඩකළපුවේ අරසඩි ග්‍රාම සේවා නිලධාරී වසම හුදකලා කර තිබේ. ඊ‌ට හේතුවී ඇත්තේ එම ග්‍රාම සේවා වසමේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමගයි. මඩකළපුව මහ නගර සභාවට අයත් පොදු වෙළදපොළ අසල මුවර් මාර්ගයේ පදිංචිව සිටි වයස අවුරුදු 79ක් වූ මොහු හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇත. මියගිය පුද්ගලයා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකට යොමු කර ඇති අතර, එහිදී කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. මෙම පුද්ගලයාගේ දේහයට අවසන් ගෙ$රව දැක්වීමට පුද්ගලයින් පිරිසක් ගොස් ඇති අතර, ඔවුන් මේ වන විට නිරෝධායනයට යොමු කර ඇත. කොවිඩ් ආසාදිතව මේ වන විට මඩකලපුව දිස්ත්‍රික්කය තුළ මියගිය සමස්තය පහක් වන බව දිස්ත්‍රික්ක ප්‍රාදේශීය සෙ$ඛ්‍ය සේවා අධ්‍යක්ෂක නාගලිංගම් මයුරන් මහතා පැවසීය.
 

More News..