brand logo

මඩකලපුව වව්නතිව් පොලිස් නිලධාරීන්ගේ ඝාතනයත් සහරාන්ගේ වැඩක්

27 April 2019

පසුගිය නොවැම්බර් මස 30 වැනිදා මඩකලපුව වව්නතිව් ප්‍රදේශයේදී සැක කටයුතු ලෙස මිය ගිය පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතන සිදුකර ඇත්තේ පසුගිය පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ මෙහෙයවීමෙන් බවට මේ වන විට අනාවරණ වී තිබේ. පසුගිය ඉරිදා (21) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන පුද්ගලයන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මේ බව හෙළිදරව් වී ඇත. මඩකලපුව වව්නතිව් පොලිස් නිලධාරීන් ඝාතනයට සහරාන් හෂීම් ඇතුළු සිව්දෙනෙකු සහභාගි වී තිබේ. ඉන් තිදෙනෙකු මේ වන විට ත්‍රස්ථ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සහරාන් හෂීම් ෂැංගිලා හෝටලයට පසුගිය ඉරිදා එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්විය. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී එම අපරාධයන්ට යොදා ගත් ගිනි අවියද සොයා ගෙන තිබේ.
 

More News..