brand logo

මඩකලපුව රෝහලේ සුව සේවකයන් 30කට කොවිඩ්

14 January 2021

මඩකලපුව ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය සේවකයන් තිස් දෙනකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙන බව මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නාගලිංගම් මයුරන් අරුණට ඊයේ (13දා) පැවසීය. මේ අතර මඩකලපුව හෙද විදුහ​ෙල් හෙද සිසු සිසුවියන් නව දෙනකු ඇතුළු දොළොස් දෙනකු සිටින බවද අධ්‍යක්ෂවරයා කීය. මඩකලපුව හෙද විදුහල් සිසු සිසුවියන් හා රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කරන ලද පී.සී.ආර්. ඇන්ටිජන් පරීක්ෂණය මගින් මේ බව අනාවරණය වී ඇත. එෆ්. අස්ලම්
 

More News..