brand logo

මඩකලපුව අනතුරකින් දෙදෙනෙකු මරුට - එක් අයෙකුට බරපතල තුවාල

11 August 2019

මඩකලපුව කල්මුනේ ප්‍රධාන මාරගයේ නාවට්කුඩාහි අද උදෑසන සිදුවුණු රිය අනතුරකින් දෙදෙනෙකු ජිවිත්ක්ෂයටපත්වී දෙදෙනෙකු බරපතල තුවාල ලබා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇත. අද උදේ 5ත පමණ හජ් උත්සව සමය සදහා එරාවුර් සිට කාත්තාන්කුඩියට කුකුලන් ප්‍රවාහනය කල කුඩා ප්‍රමාණයේ වාහනයක් ඉදිරියෙන් ගමන්කල ටිපර් රථයේ ගෙටි මෙම අනතුර සිදුවී ඇත. ඉදිරියෙන් ගමන් කල ටිපර් රථයේ ටයරය පිපිරිම හදිසියෙන් මාර්ගයේ නතරවීමෙන් පසුපසින් වේගයෙන් ගමන් කල කුඩා වර්ගයේ වාහනය ගැටීම නිසා රියදුරු ඇතුලත දෙදනෙකු මරුමුවට පත්වි එක අයෙකු බරපතල තුවාල ලබා ඇත. අනතුර සිදුවූ ස්ථානය ගිය කාත්තාන්කුඩි පොලිස් ස්ථානයේ නිලධාරින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි. මඩකලපුව ජව්ෆර්කාන්
 

More News..