brand logo

මට මේ දවස්වල තියෙන ප්‍රශ්නය දින නැති එකයි

10 June 2021

මිලියන දහයකට වඩා නැරඹූ ‘නිල්වන් මුහුදු තීරේ’ මියුසික් වීඩියෝවේ නිරූපණ ශිල්පිනී ටීනා ෂනෙල් මේ දිනවල නැවතත් ‘සකූගේ ලෝකය’ තුළින් මුණ ගැසෙනවා. නිරූපණ ක්ෂේත්‍රයේ වැඩිම මිලක් අය කරන නිරූපිකාව හැටියටත් සමහරු ටීනව හඳුන්වනවා. ඇත්තටම ටීනා ඉන්න තැන ගැන දැන ගන්න අපි ඇයටම කතා කළා...

‘නිල්වන් මුහුදු තීරේ’ සාර්ථක වෙන්න ඔබත් හේතුවක් නේද?

මාව වීඩියෝ එකට ගන්න හේතුවත් මගේ ජනප්‍රියත්වයයි. කොහොමටත් රසිකයන්ගෙන් මට හොඳ ප්‍රතිචාර ලැබුණා. මේක ටිකක් මහන්සි වෙලා කරපු වැඩක්. අපි හිතුවට වඩා සාර්ථක වුණා.

ඕනම කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි මම කොච්චර මහන්සි වෙලා වැඩ කරනවාද කියලා. මගෙන් සීයට සීයක් ඉල්ලුවොත් සීයට දෙසීයත් දෙන්න තමයි මම උත්සාහ කරන්නේ.

ටීනා නිල්වන් මුහුදු තීරේ වීඩියෝවට ලොකු කැපවීක් කළා කියලද කියන්නේ...

මම වැඩක් කරනකොට සීයට සීයක් කැපවෙලා වැඩ කරනවා. මම ඉන්න දේවල් සාර්ථක වෙන්නත් හේතුව ඒකයි කියලා මම හිතනවා. මාත් එකක් වැඩ කරපු ඕනම කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි මම කොච්චර මහන්සි වෙලා වැඩ කරනවාද කියලා. මගෙන් සීයට සීයක් ඉල්ලුවොත් සීයට දෙසීයත් දෙන්න තමයි මම උත්සාහ කරන්නේ.

මම විශ්වාස කරනවා අද මම නිරූපණ ක්ෂේත්‍රයේ අනිත් හැම කෙනාටම වඩා ඉහළ මිලක් ගන්න මටට්මක ඉන්නවා කියලා. මොකද මම වැඩක් කරනවා නම් වැඩි පිරිසක් ඒක බලනවා,

අද ලංකාවේ ඉහළම මිලක් ගන්න නිරූපිකාව ඔබද?

මම අනිත් අයගේ ගණන් අහන්නෙ නැහැ. මම විශ්වාස කරනවා අද මම නිරූපණ ක්ෂේත්‍රයේ අනිත් හැම කෙනාටම වඩා ඉහළ මිලක් ගන්න මටට්මක ඉන්නවා කියලා. මොකද මම වැඩක් කරනවා නම් වැඩි පිරිසක් ඒක බලනවා, ඒකට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. මම ලැබෙන හැම එකටම යන්නෙත් නැහැ. ඒ වටිනාකමට තමයි මම මුදලක් ගන්නේ. ඔව්, නිරූපණ ක්ෂෙත්‍රයේ මුදල් වශයෙන් ගත්තාම මම ඉහළ මිලක ඉන්නවා.

කොවිඩ් කාලේ වැඩ අඩුද...

මට එහෙම ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. කොවිඩ් නිසා රට වහන දවසෙත් මම වැඩ කරලා ආවෙ. මට සතුටකට තිනේනේ ඒකයි. මේක අද වෙද්දි කඩා වැටීගෙන එන ක්ෂේත්‍රයක්. ඒත් මට වැඩ තියෙනවා. මේ කෂේත්‍රයේ මම තරම් කැපවෙන කිසිම නිරුපිකාවක් නැහැ. ඒ ගැන මම හැම වෙලාවෙම සතුටු වෙනවා. මියුසික් වීඩියෝ, ඇඳුම් සාප්පුවල වෙළෙඳ දැන්වීම්, ෆොටෝ ෂූට්, ටෙලි නාට්‍ය එක්ක මම කාර්ය බහුල වෙලයි ඉන්නේ. මට මේ දවස්වල තියෙන ප්‍රශ්නය දින නැති එකයි. පුද්ගලිකව මම කැමතියි මට පොඩි විවේකයක් ලැබෙනවට.

දැන් චිත්‍රපටවල රඟපාන්නෙ නැද්ද..

පහුගිය කාලයේ චිත්‍රපට බාරගත්තෙ නැහැ. චිත්‍රපට ක්ෂේත්‍රය කඩාවැටීමක තියෙන නිසා ලොකු දායකත්වයක් දෙන්න ලැබුණෙ නැහැ. මම ටෙලි නාට්‍ය පැත්තට යොමුවෙලා ඉන්නේ.

ආපු ගමන ගැන සෑහීමකට පත් වෙනවද?

ඇත්තටම තෘප්තිමත්. මේ අවුරුදු 10 කටත් වැඩියෙන් මේ ක්ෂේත්‍රයේ ඉන්නවා. මම රසිකයන්ගෙ ප්‍ර තිචාරවලට තමයි ගොඩක් කැමති. ෆොටෝ ෂූට් වීඩියෝවලිනුත් මට කිසිම අඩුපාඩුවක් වෙලා නැහැ. මිනිස්සු මාව තියන්න ඕන තැන තියල තියෙනවා. මම හොඳම නිරූපිකාව කියලා මිනිස්සුන්ගෙන් අහන්න ලැබිලා තියෙනවා.

ඇත්තටම සල්ලි හෙව්වට මට කියලා මම කිසි දෙයක් කරගෙන නෑ. අඩුම ගාණේ ගෙයක්වත් හදාගෙන නෑ. ගෙයක් හදාගන්න ලොකු ආසාවක් තිබුණා. හැබැයි හොයන සල්ලිවලට මොනවා වෙනවද දන්නෙ නෑ.

අවුරුදු දහයක් ක්ෂේත්‍රයේ මිල අධික නිරූපිකාවක් වූ ඔබ ගත කරන්නේ සුපිරි ජීවිතයක් නේද?

ඇත්තටම සල්ලි හෙව්වට මට කියලා මම කිසි දෙයක් කරගෙන නෑ. අඩුම ගාණේ ගෙයක්වත් හදාගෙන නෑ. ගෙයක් හදාගන්න ලොකු ආසාවක් තිබුණා. හැබැයි හොයන සල්ලිවලට මොනවා වෙනවද දන්නෙ නෑ. අනිත් අයටත් උදව් කරනවා. අවුරුදු දහයකුත් වැඩ කරලා මටම කියලා දෙයක් කරගන්න බැරිවුණේ ඇයි කියලා මම දැන් කල්පනා කරනවා.

ඇත්තටම ඇයි ටීනා එහෙම වුණේ?

ගෙවල් කුලී ගෙවාගෙන එදිනෙදා වියදම් එක්ක එක පාරටම ලොකු ලොකු දේවල් කරන්න අමාරුයි. අනික මම හෙමින් ගමනක් යන්නේ. කොච්චර වැඩ තිබුණත් ලංකාවේ බජට් එක්ක දවසකට ඩිමාන්ඩ් කරන්න පුළුවන් ගාණක් තියෙනවා. අපි වගේ කෙනෙක්ට ඒක රුපියල් 50,000ක් වෙන්න පුළුවන් හැබැයි ඉන්දියාව වගේ රටක නම් ඊට වඩා ලොකු ගණන් අය කරනවා. අපි වැඩ ගොඩක් බදාගෙන කළත් අපිව මේන්ටේන් කරගන්නත් ලොකු මුදලක් යනවා. ඇඳුම් පැළඳුම්, වාහන, රූපලාවණ්‍ය වගේ දේවල්වලට. ඉතින් මේ දේවල් එක්ක තාම මගේ ඉලක්කයට මම ඇවිත් නැහැ. කිසි කෙනෙක්ගෙන් සත පහක්වත් අරගෙන මම, මගේ දේවල් කරගෙන නැහැ.

එතකොට මේ ජීවිතේ ලෝකෙට පේන්න විතරද...

සමහරු එහෙම වෙන්නැති. මම සෝෂල් මීඩියාවලින් දැකලා තියෙනවා. හැබැයි මම, මගේ අම්මත් එක්ක කුලී ගෙදරක ඉන්නවා කියන්න ලැජ්ජා නැහැ. නිරූපිකාවක් හැටියට මාව දකින විදිහ නෙවෙයි මගේ ජීවිතේ. බොරුව ඔළුප්පලා මගේ දේවල් ලෝකෙට පෙන්වන්න ඕන නැහැ. මම කැමතියි මට තියෙන දේත් එක්ක සතුටින් ජීවත් වෙන්න. ධම්මිකා සුරංජි පතිරණ
 

More News..