brand logo

මට නං හොර සහතික නෑ - සජිත්

05 October 2019

එ.ජා.ප. අපේක්ෂකත්වය හිමිවීමත් සමග එ.ජා.ප. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජනපතිවරණ ප්‍රචාරක කටයුතු වඩා වැඩි ජවයකින් යුතුව සිදුකෙරෙමින් පවතින බව පෙනේ. කෙසේවෙතත් සජිත් හමුවේ තිබෙන පළමු අභියෝගය වන්නේ ‘ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය‘ ජයග්‍රහණය කර පෙන්වීම යි. මේ වෙනුවෙන් සජිත් ඇල්පිටියට ගෙන්වා, ‘ඇල්පිටියේ ඡන්ද ගස් හෙල්ලීමට‘ තීරණය කළ ගයන්ත කරුණාතිලක ඇතුළු පිරිසක් ඒ වෙනුවෙන් ම සජිත් සහභාගි වන ‘බලමණ්ඩල රැලියක්‘ ඇල්පිටියේ සංවිධානය කළේ ය. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට තරගවදින එක්සත් ජාතික අපේක්ෂකයින් සියලුදෙනාම පාහේ ඊට සහභාගි වී සිටි අතර ඔවුනුත්, රැස්ව සිටි පිරිසත් සජිත්ගේ කතාව එන තුරු නොඉවසිල්ලෙන් බලා සිටියහ. එහෙත් ඇල්පිටිය ප්‍රාදේශීය ඡන්දය සම්බන්ධයෙන් හෝ ඊට ඉදිරිපත් වන අපේක්ෂකයින් සම්බන්ධයෙන් එක වචනයක්වත් කතා නොකළ සජිත් මුල සිට අවසානය දක්වාම සුපුරුදු පරිදි කතා කළේ, තමන් ගැනම පමණි. ‘‘මම ගෙවල් බෙදුවා... ඉඩම් බෙදුවා... මේ හැම දෙයක් ම දුන්නේ නොමිලේ... දැන් ඉතිං ඇවිල්ලා තියෙන්නේ කෙළෙහිගුණ දක්වන වෙලාව... මම හිතනවා ඔබ තමුන්නාන්සේලා කෙළෙහිගුණ දන්නා මිනිස්සු කියලා... මමත් හොඳට කෙළෙහිගුණ දන්නා මිනිහෙක්... මගේ අමාත්‍යංශ පැත්ත පළාතක මගේ පවුලේ කෙනෙක් ගාවගෙනවත් නෑ... මං ජනාධිපති වුණාමත් එහෙමයි... සජිත් ප්‍රේමදාසගෙ එක අරික්කාලකවත්, එක දශමයකවත් ඥාති සංග්‍රහය ඇත්තෙම නෑ...’’ ආදී වශයෙන් ජනාධිපතිවරණය ගැන පමණක්, සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය ගැන පමණක්, ජනාධිපති වූවාට පසු කරන දේවල් ගැන පමණක් කතා කළ සජිත්ට ඇල්පිටිය ඡන්දයක් ගැන අබමල් රේණුවක තරම් මතකයක් තිබූ බවක්වත් නොපෙනිණි. ඒ අනුව මෙසේ ගලාගෙන ගිය සජිත්ගේ කතාවේ එක් තැනකදී සජිත්ට මෙසේ ද කියවිය. ‘‘සමහරුන්ගෙ බොරු සහතිකවලට නම් නඩු වැටෙන්න යනවා... හැබැයි මං ළඟ නම් ඔය බොරු සහතික නෑ...’’ මාධ්‍ය හමුවකදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා අතින් ද මෙවැනිම කතාවක් කියවිණි.
 

More News..