brand logo

මට දැනගන්න උවමනා කළේ කුමාර් අයියා එතැනට ගියේ කොහොමද? කියලා දැනගන්න

22 December 2018

ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් ගලවාගත් ඇන්ජලෝ මැතිව්ස් තමන්ගේ වික්‍රමාන්විත ඉනිමට පසුබිම වූයේ ශ්‍රී ලංකා කණ්ඩාය‌මේ හිටපු නායක කුමාර් සංගක්කාරගේ උපදෙස් බව යැයි පවසනවා. ඇන්ජලෝ මෙසේ පවසා තිබෙන්නේ ක්‍රිකට් ඉන්ෆෝ වෙබ් අඩවිය සමග පැවැති සාකච්ඡාවකදීයි. “මම කුමාර් අයියාත් එක්ක පොඞ්ඩක් කතා කළා. අපි අවසන් වතාවට වෙලින්ටන්හි ගහපු ටෙස්ට් තරගයේදී ඔහු ද්විත්ව ශතකයක් ලබාගත්තා....මට දැනගන්න උවමනා කළේ එයා එතැනට ගියේ කොහොමද?...එයා ඒ ගැන හිතුවේ කොහොමද කියන එකයි..?” “අපි වැඩිපුරම කතා කළේ හිතන්න ඕන දේවල් සහ පහර තේරීම ගැනයි” “එක එක පන්දු යවන්නන් වෙනුවෙන් එයා තෝරා ගත්ත පහර ගැන ඔහු මට කියා දුන්නා. පන්දු යවන්නන් දපනේ දමාගන්නා ආකාරයත් මට කියා දුන්නා...ඊට පස්සේ මේ ක්‍රීඩාංගණ වලදී මම ක්‍රීඩා කර ලබාගත් අත්දැකීම් සියල්ලත් ප්‍රයෝජනයට ගත්තා...ඔහුගේ අවවාදත් සිහියේ තියාගත්තා” ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවසන් වරට ටෙස්ට් ක්‍රිකට් තරගයකදී ද්විත්ව ශතකයක් ලබාගත් පිතිකරුවා වන කුමාර සංගක්කාර 2015 වසරේ වෙලිංටන් ටෙස්ට් තරගයේදී ලකුණු 203ක් රැස්කර ගැනීමට සමත් වුණා. “අපි බොහෝ දේවල් සාකච්ඡා කළා. ඒක ඉතාමත් වැදගත් දවසක්. අපි දෙන්නාට වගේම කණ්ඩායමටත්. ඒත් කණ්ඩායම තමයි මුලින්ම වැදගත් වෙන්නේ” “අනෙක් අතට කුසල් වගේ තරුණ ක්‍රීඩකයකුගෙන් ඒ වගේ පරිණත බවක් දැකගන්න ලැබෙන එකත් සුවිශේෂී දෙයකි. අපේ ඉනිම වඩාත් හොඳ තත්ත්වයක් ගන්නා බව අපි දෙන්නාම අත්දැකීමෙන් දැනගෙන හිටියා” “ඔවුන් අපේ ඇඟට පන්දු යැව්වා. ඒත් පන්දුව එන දිහාවට පිත්ත දැම්මේ නැත්නම් මම දැවී යන්නේ නෑනේ....ඉතින් මම පන්දුව ඇඟේ වැදෙද්දීත් පිත්ත නොදා හිටියා...අනෙක් අතට පන්දු යවන්නන්ටත් ඒ පණිවුඩය දෙන්න මම උත්සාහ කළා....ඕගොල්ලන්ට ඕන තරම් ඇඟට පන්දු එවන්න. ඒත් මම මේක අතහරින්නේ නෑ යයි මම හිතාගත්තා” නවසීලන්ත ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය ඉතාමත් තීරණාත්මක තත්ත්වයක තිබුණා. තරයේ අවසන් දිනයේදී වර්ෂාව ඇති විය හැකි බවට ඊට පෙර දිනම අනාවැකි පළවී තිබුණා. “ඒක හරිම තීරණාත්මක කොටසක්. කුසලුයි මමයි ඒ ගැන කතා කළා. මොකද ඊළඟ දවසේ තිබුණේ වෙනස්ම තත්ත්වයක්. ඒක එහෙමම වුණා” යනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියා.  
 

More News..