brand logo

මගේ විවාහය ඇතුළේ තිබුණේ රැවටීම විතරයි

21 June 2021

කලා ක්ෂේත්‍රයේ නිතර නිතර කතාබහට ලක්වෙන චරිත අතර උදාරි කෞශල්‍යා කියන්නේ කැපී පෙනෙන කෙනෙක්. මේ දවස්වලත් උදාරිට අතීත ජීවිතයේ යම් යම් සිදුවීම් ඇගේ වර්තමානයට බලපෑම් කරනවා කියන කසු කුසුවක් තිබෙන නිසා ඒ ගැන අපි ඇයගෙන් විමසුවා.

උදාරි මේ දස්වල මොනවද කරන්නෙ..

මේ දවස්වල my dear clothing යන නාමයෙන් මගේම නිමි ඇඳුම් ව්‍යාරයක් කරගෙන යනවා. එහි ඇඳුම් නිර්මාණය, නිෂ්පාදනය, බෙදාහැරීම, ප්‍රචාරක කටයුතු දක්වා සියලුම දේ කරන්නෙ මමමයි. ඒනිසා වැඩි කාලයක් ව්‍යපාරය සඳහා යොදවලා තියෙනවා.

උදාරි ලොකු ප්‍රසිද්යක් දීලා පටන් ගත්ත නැටුම් පන්තියට මොකද වුණේ?

ඒ සියලුම දේ මාස දෙකකට කලින් නවත්වන්න සිද්ධ වුණා. නැවත මේ තත්ත්වය සමනය වුණාම පන්ති ආරම්භ කරනවා. මගේ ව්‍යාපාරය සාර්ථක කරගන්න තුරු මම පහුගිය දවස්වල රංගනයට ලැබුණ ආරාධනාවත් බාරගත්තෙ නැහැ.

මම හිතනවා ටික කාලයක් නිහඬව හිටිය කියලා මට වැඩ නොලැබී යන එකක් නැහැ කියලා.

ඔය විදිහට හිතූ හිතූ විදහට ඇත් වුණහම ආයෙ වැඩ ලැබෙයිද?

මම ඇමරිකාවේ පදිංචි වෙලා හිටිය කාලේ රංගනයෙන් දුරස් වෙලා හිටියේ. නමුත් නැවත ලංකාවට ආවට පස්සේ මට සුපුරුදු විදිහට වැඩ ලැබුණා. මම හිතනවා ටික කාලයක් නිහඬව හිටිය කියලා මට වැඩ නොලැබී යන එකක් නැහැ කියලා.

උදාරිගෙ ව්‍යාපාරයට වැඩියෙන්ම උදව් කරන්නෙ කවුද...

මගේ අම්මයි, තාත්තටයි ඇඟලුම් ක්ෂේත්‍රයේ ගොඩක් අත්දැකීම් තියෙනවා. ඒ අයගෙ උදව් උපකාර වගේම මට මගේ පෙම්වතාත් ගොඩක් උදව් කරනවා. මගේ යාළුවන්ගෙනුත් උදව් තියෙනවා.

ඔබේ පෙම්වතා නළුවෙක්ද... ව්‍යපාරිකයෙක්ද...

එයා රංගන ක්ෂේත්‍රයේ කෙනෙක් නෙවෙයි. මේ වෙද්දි එයා ව්‍යාපාරයක් ආරම්භ කරගෙන යනවා.

දැන් අවුරුදු දෙකක් විතර වෙනවා සම්බන්ධය පටන් අරන්

මේ අවුරුද්දේ විවාහ වෙන්නද අදහස...

මේ අවරුද්දෙ බොහෝ දුරට විවාහය සිද්ධ වෙන්නෙ නැහැ. බලමු ඉදිරිදියේදි. දැන්ම ඒ ගැන හිතන්නෙ නැහැ. දැන් අවුරුදු දෙකක් විතර වෙනවා සම්බන්ධය පටන් අරන්. අපි ආදරෙන් ඉන්නවා.

පෙම්වතා අකමැති නිසාද රංගනයෙන් ඈත්වෙලා ඉන්නෙ?

මගේ වැඩවලට එයාගෙන් කිසිම බාධාවක් නැහැ‍. රංගන ක්ෂේත්‍රය වේවා ව්‍යාපාර ක්ෂෙත්‍රය වේවා මම මට හොඳයි කියලා හිතෙන, මගේ දියුණුවට මම කරන හොඳ දේවල්වලට ඔහු උදව් කරනව

මිනිස්සු අතරින් වෙස්මුහුණු ගළවපු කෙනෙක් මට හම්බවුණා කිව්වොත් නිවැරදියි.

ඔහු කවුද කියලා රසික රසිකාවියන්ට පවසන්නෙ නැද්ද...

මම ආස නැහැ දැන්ම ඒක කියන්න. නිසි වෙලාවට මම ඒ ගැන කියන්නම්. ඇත්තටම වෙස්මුහුණු දාගෙන ඉන්න මිනිස්සු අතරින් වෙස්මුහුණු ගළවපු කෙනෙක් මට හම්බවුණා කිව්වොත් නිවැරදියි.

දැන් ජීවිතය සුන්දරද?

ගෙවී ගිය කාලය එක්ක සසඳද්දී ඇත්තටම හොඳයි. මේ වෙද්දි මම පොඩි පොඩි පියවර තියලා ලොකු ගමනක ආරම්භයක් අරගෙන තියෙනවා. හැම දෙයක්ම වෙන්නෙ හොඳටයි කියනවනේ. ඒ නිසා සිද්ධ වුණ දේවල් ගැන කිසිම දවසක පසුතැවෙන්නෙ නැහැ.

තවත් අය කියන දේවල් මට අදාළම නැහැ

කාගේ හෝ ජීවිතයකට ඔබ වරදක් කළා කියල කවුරු හරි චෝදනා කළොත්...

එතැනදි මගේ අතින් වරදක් වුණා නම් වරද වුණ පාර්ශවය මට චෝදනා කරනවනේ. ඒ පාර්ශවයත් කියනවා නම් මගේ අතින් කිසිම වැරැද්දක් වුණේ නැහැ කියලා, තවත් අය කියන දේවල් මට අදාළම නැහැ. ගොඩක් මිනිස්සු හිතන්නේ දික්කසාදයක් වුණාම එහෙම වුණේ ගෑනු කෙනා පිට ගිය නිසා කියලා. ඒත් ඒකට විවිධ හේතු තියෙන්න පුළුවන්.

ගොඩක් මිනිස්සු සැබෑ ජීවිතයේ පවුල පිටින් රඟපානවා වෙස්මුහුණු දාගෙන

නිළියන්ගේ දික්කසාදවලට අනියම් සබඳතා ගැන චෝදනා ඉදිරියෙන්ම තියෙනවා නේද?

ඇත්තටම මම එහෙම දෙයක් කළේ නැහැ, ඉදිරියට කරන්නෙත් නැහැ. මම පණ වගේ ආදරය කළා. මේ දෙවල් සිදු වුණේ කොහොමද කියල කවුරුවත් දන්නෙ නැහැ. සත්‍ය කතාව මම කොතැනකවත් කියල නැහැ. දැන් මට පහුගිය දේවල් ඔළුවෙ තියාගෙන දුක් වෙන්න ඕන නැහැ. ආදර සම්බන්ධයක් පටන් ගන්නේ හිත් සතුටින් ඉන්න, හොඳ මතකයන් ඉතිරි කරගන්න, සැප දුක බෙදාගන්න මිස, ජීවිතය එපා වෙන තැනට අරගෙන ගන්න නෙවෙයි. විවාහයෙදී අවංක ආදරය තියෙන්න ඕන. එහෙම නැත්නම් ඒක බිඳුණ විවාහයක්. ගොඩක් මිනිස්සු සැබෑ ජීවිතයේ පවුල පිටින් රඟපානවා වෙස්මුහුණු දාගෙන. මගේ විවාහයේදී මට හොඳ රැකවරණයක්, අවංක ආදරයක් හම්බ වුණේ නැහැ. මගේ ජීවිතය බිමටම ඇදලා දැම්මා. ඒ ඇදලා දාපු පාර මම ලොකු පිමම්ක් අරගෙන නැගිට්ටා. මම දැන් ඉස්සරහට යනවා. ඒ මගේ අනාගතය ගොඩ නගා ගන්න.

ගෙවුණ කාලේ තීරණ ගන්න ඉක්මන් වුණා වගේ නේද...

මම විවාහ ගිවිසගෙන අවුරුදු හතරක් හිටියා විවාහ දිවියකට නොයා. ඒ කාල පරාසය තුළ මම ගන්න ඕන නැති තීරණයක් ගත්තේ. එහෙම ගත්තේ අනිත් පාර්ශවයේ දෙමව්පියන්ගේ ඉල්ලීම මතයි. එච්චර ඉක්මනට විවාහ වෙන්න මට ඕනකමක් තිබ්බෙ නැහැ. එතකොට මම කොළඹ විශ්වවිද්‍යාලයේ පළමු වසෙර් ඉගෙනුම ලබනවා. අනික මම රඟපාන්න ආව විතරයි. ඒ රඟපාද්දි තමයි මට මේ ආදර යෝජනාව ලැබුණේ. ඒ කාලයේ මට පිටරට විශ්වද්‍යාලයකින් අවස්ථාවක් ලැබිලා තිබුණා. ඔහුගේ පැත්තතෙන් කිව්වා ඉක්මනටම විවාහ වෙන්න, එතකොට දෙන්නටම රට යන්න පුළුවන් කියලා. ඒ බලපෑම මතයි මම විවාහ වෙන්න තීරණය කළේ. මම මිනිස්සුන්ව ඕනවට වඩා විශ්වාස කළා. යම් යම් අයගේ අවශ්‍යතා නිසා විවාහවෙලා මම මටම වළ කපාගත්තදෝ කියලා හිතෙනවා. ඒත් මම ඒවට පැකිලෙන්නෙ නැහැ. එදා සිටිය මට වඩා අද ඉන්න මම බෙහෙවින්ම වෙනස්. ධම්මිකා සුරංජි පතිරණ  
 

More News..