brand logo

මගේ විරෝධය ණය ගන්නවාටයි - සංවර්ධනයට නොවේ

21 February 2020

තමන් විරුද්ධ වන්නේ රජය අමතර මුදල් සපයා ගැනීම වෙනුවෙන් ණය සීමාව ඉහළ නංවා ගැනීම සම්බන්ධයෙන් මිස රජයේ සංවර්ධන කටයුතු වලට නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පැවසීය. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී ඊයේ (20 වැනිදා) පැවැත්වූ මාධ්‍ය හමුවකදීය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකද සහභාගි විය. වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මෙසේද පැවසීය. අපි වෙන් කරපු මුදලින් කොටසකුත් පාවිච්චි නොකර දැන් ඇවිත් අපිට කියනවා හදිසියේම සල්ලිත් ඕනෙලු. හදිසියේම ණය ගැනීමේ සීමාව වැඩි කරගන්න ඕනේලු. හැබැයි හේතුව කියන්නේ නැහැ. මේක ජනතාවට දෙන සහනයක් නොවෙයි. මැතිවරණයක් සඳහා සල්ලි වියදම් කරගන්න බලාගෙන ආපු එකක්. පරිපාලනයක් තියෙනවානම් අපි ලබාදීපු මුදල්වලින් මේ අයට කටයුතු කරන්න පුළුවන්. ජනතාවාදී අයවැයකදී අපි සම්පූර්ණ සහයෝගය දෙනවා කියද්දී ඒක ගේන්නේ නැතිව මේ විදිහට හොරපාරෙන් එන්නේ, මේ අනාගත ආර්ථිකය තවදුරටත් ගොඩ ගැනීමට උත්සාහයකට වඩා එය වසා ගැනීමට දරන උත්සාහයක් ලෙසයි. ප්‍රශ්නය- මේ කාරණා සමග ආණ්ඩුව කියන්නේ ජනතාවට අවුරුදු සැමරීමට තිබූ අවස්ථාව ඔබතුමාලා නැති කළා කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක - බම්බුව තමයි.ආණ්ඩුව ගත්තේ ඒවා නොදැනුවත්වද? ප්‍රශ්නය- ආණ්ඩුව කියන්නේ පසුගිය ආණ්ඩුව සංවර්ධන ව්‍යාපෘති කරලා ඒවාට මුදල් ගෙවලා නෑ කියලයි. ඒ බිල් ගෙවන්නයි මේ මුදල් ඉල්ලන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක - ඒක අපි පිළිගන්නේ නැහැ. එහෙම නම් වියදම අපි අනුමත කරනවා. හැබැයි කරුණාකරලා ණය වැඩිකරගන්න එපා.ඒ අය වැට් එක සියයට අටට අඩු කළා. ඒක ඒ අයගේ දේශපාලන තීන්දුව. ඒ අය හිතුවේ ඒ මගින් ලොකු ආර්ථික පිම්මක් ගන්න පුළුවන් කියලා.   සාලිය කුමාර ගුණසේකර
 

More News..