brand logo

මගේ ලක්ෂ 50 පොලිසිය හොරකම් කළා

04 August 2019

ලලිත් ඇතුලත්මුදලි ඝාතකයාගේ සැබෑ ඝාතකයා සම්බන්ධයෙන් තොරතුරු (හෝඩුවාව) දුන් පුද්ගලයාට පොලිසිය මගින් ලබාදෙනු බැව් කියන ලද රුපියල් ලක්ෂ 50ක මුදල වසර 26ක සිට මේ දක්වා ලබා නොදි අදාළ බලධාරිහු ගසා කා හොර රහසේ ලබාගෙන ඇති බව,එම ඝාතනයේ තොරතුරු නිවැරදිව දුන් නිරංජන් විජේගුණවර්ධන මහතා පවසයි. 1993.04.23වන දින ලලිත් ඇතුලත්මුදලි මහතා ඝාතනය කරන ආකාරය මම දැක්කා. ඒ අනුවයි මම හෝඩුවාව දුන්නේ.මම 2012 සිට මේ සම්බන්ධයෙන් නොයෙක් ආකාරයට අදාළ සියලුම අංශ වෙත ලිඛිතව මට වු අසාධාරණය සම්බන්ධයෙන් දැනුවත් කළා. නමුත් මේවන වනවිටත් කිසිදු ප්‍රතිචාරයක් නෑ.ශ්‍රි ලංකා පොලිසියට,ආරක්ෂක අමාතංශයට ද, නිතිය හා සාමය අමාත්‍යංශයට ද,පාර්ලිමේන්තු මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවටද, පාර්ලිමේන්තු දුක්ගන්නා රාළ වෙතටද,අපරාධපරික්ෂණ දෙපාර්තුමේන්තුව ද, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වෙත ද දැනුවත් කළා.1993 දී එවකට පොලිස් පතිවරයා ව සිටි අර්නස් පෙරේරා තොරතුරුක් ලබාදෙන්නේ නම් රැපියල් ලක්ෂ 50 ලබාදෙන බව මාධ්‍යවලට ප්‍රකාශකර තිබුනා.එම මාධ්‍ය තොරතුරුද මා සන්තකයේ ලිඛිතව තියනවා. මම රැවටුවා මගේ තෑගි මුදල් යම් පුද්ගලයෙක් හොරකම් කර තියනවා. මේ පිරිස් විවිධ දේ කියමින් මට ලිපි එවනවා. නියමිත උත්තරයක් නෑ. මම හිතන්නේ මේ සමහර නිලධාරිහු මේ මුදල හොර රහසේ අරගෙන තියනවා කියා මා සැක කරනවා. ඒ නිසා මට සාධාරණයක් ඉටු කරන්න. මෙම මුදල මට ලැබුනොත් මම රුපියල් ලක්ෂ 50 මුදලින් රුපියල් ලක්ෂ 25ක් අනාත නිවාසයට ලබා දෙනවා. ඉතිරිය මම ගන්නවා. මේවන විට මෙම මුදල කවුරුන් හෝ හොර රහසේ ගෙන තියනවා කියලා තමයි මම කියන්නේ. මම ජනාධිපති මෛත්‍රිපාල ද දැනුවත් කළා එයටද ප්‍රතිචාරයක් නෑ. ශ්‍රි ලංකා පොලිසියට,ආරක්ෂක අමාතංශයට ද,නිතිය හා සාමය අමාත්‍යංශයට ද,පාර්ලිමේන්තු මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට ද, පාර්ලිමේන්තු දුක්ගන්නා රාළ වෙතටද,අපරාධපරික්ෂණ දෙපාර්තුමේන්තුවටද මේ සම්බන්ධයෙන් ලිඛිතව දන්වා ඇත්තේ අදාළ ඝාතනය සම්බන්ධයෙන් නිරංජන් විජේගුණවර්ධන මහතා ලබාදුන් හෝඩුවාව සම්බන්ධයෙන් ගැටළුව සහගත තත්ත්වයක් තිබීම නිසා මෙම හෝඩුවාවට ලබා දෙන බව පැවසු තෑගි මුදල ලබාදෙන්නට නොහැකි බවයි. කෙසේ නමුත්,නිරංජන් විජේගුණවර්ධන මහතා පවසන්නේ මේ ආකාරයට සත්‍ය තොරතුරු දී තිබිය දීත් මේ හෝඩුවාවට ලබා දෙන්නට පොරොන්දු වු ත්‍යාගි මුදල යම් කිසි වගකිවයුතු පිරිසක් හෝ පුද්ගලයෙක් හෝ හොර රහසේ ලබාගෙන ඇති බවට තමා සැක කරන බවයි. මේ නිසා තමාට සාරණයක් ඉටුකර දෙනමෙන් නිරංජන් විජේගුණවර්ධන මහතා වගකිවයුතු අංශ වෙතින් ඉල්ලා සිටියි. නිමල් අල්ගෙවත්ත https://youtu.be/rQAzv5ZGwdQ
 

More News..