brand logo

මගේ පුතා ගානියා කොහොම අඳුරනවාද කියා මම දන්නේ නෑ - කැලණිය හිටපු එ.ජා.ප. ප්‍රා.ස. මන්ත්‍රී බෙවන් පෙරේරා

11 December 2019

ස්විට්සර්ලන්න තානාපති කාර්යාල සේවිකා ගානියා බැරිස්ටර් නමැත්තියගේ සිද්ධියට තමන්ගේ පුත්‍රයා වන මංජු පෙරේරාගේ නම ද ගෑවි තීබීම ගැන තමන්ට අදහසක් පළ කළ නොහැකි බවත්, ඇය තමන්ගේ ලේලිය බවට මුහුණු පොතේ පළ කෙරී ඇති තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය මඩ ප්‍රචාර බවත්, කැලණිය ප්‍රාදේශීය සභාවේ එ.ජා.ප. මන්ත්‍රී බෙවන් පෙරේරා ‘‘අරුණ’‘ට පැවසීය. ගානියා බැරිස්ටර් රහස් පොලිසියට ගිය අවස්ථාවේදී මංජු පෙරේරා මාධ්‍ය හමුවේ පෙනී සිටිමින්, තමන් ඇගේ නියෝජිතයා ලෙස හඳුන්වා ගෙන තිබිණි. ‘අරුණ’ කළ විමසුමේදී බෙවන් පෙරේරා මෙසේද පැවසීය. ‘‘මැණික් ව්‍යාපාරිකයකු වන මගේ පුතා මේ කාන්තාව කොහොම අඳුරනවද කියල මම දන්නේ නැහැ. ඇය මට කවදාවත් මුණගැහිල නැහැ’’. මංජු පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් පළකළ දිනයේ පටන් ඔහුගේ ජංගම දුරකතනය ක්‍රියාත්මක නොවන බවත් පවුලේ සාමාජිකයකු සමගවත් මේ වන විට කිසිදු සම්බන්ධයක් නොපවත්වන බවත් බෙවන් පෙරේරා පැවසීය. මේ පිළිබඳ විමසීම සඳහා මංජු පෙරේරා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය. කළණ වීරසිංහ/ ජයතිලක ගන්පේරුව - මහර
 

More News..