brand logo

මගේ පස්සෙන් ඇවිත් ගොඩක් අය ගුටි කෑවා

04 October 2022

අසංකි ද සිල්වා, මව පියා සහ සහෝදරයන් දෙදෙනකුගෙන් යුතු පවුලක බඩ පිස්සිය වූ ඇය ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා නිරූපණ ක්ෂේත්‍රයට පිවිස විවිධ ඉසව් ජයගෙන සිනමා තාරකාවක ලෙසද සිය ගමන ආරම්භ කළ යුවතියක්. ඔබට මතක නම් මහේෂ් මුණසිංහ අධ්‍යක්ෂණය කළ ‘රෂ්’ චිත්‍රපටයේ පූජා ඇයයි. මේ දිනවල අසංකි මොනවද කරන්නේ කියලා දැන ගන්නත් එක්ක අසංකි සමග සොඳුරු කතාබහකට මුල පිරුවා. අසංකි චිත්‍රපටයකට සූදානම් වෙන කාලයක්ද? පසුගිය කාලයේ මම සම්බන්ධ වෙලා හිටියා යූ.ඒ. පල්ලියගුරුගේ ‘ජිගලෝ’ චිත්‍රපටයට. ඒ එක්කම චන්න පෙරේරා අධ්‍යක්ෂණය කළ යුගාත්‍රා චිත්‍රපටයත් එන්න තියෙනවා. තව ලබන මාසයේදී අලුත් චිත්‍රපටයක රූපගත කිරීම් කරන්න දින යොදාගෙන තියෙනවා. May be an image of 1 person කලාවට කිසිසේත් සම්බන්ධ පවුල් පරිසරයකින් තොරවයි අසංකි කලාවට එන්නේ, එහෙම එන්න පහසුද? එතැනදී කලා පවුලකින් එන අයට දෙමාපියන්ගෙන් ලැබෙන සහයෝගය එක්ක එන්න ලේසි වෙනවා. එහෙම නැහැ කියලා මේ ක්ෂේත්‍රයට එන්න බැරිත් නැහැ. මොකද මේ වෙද්දී එහෙම කලා පවුලකින් නැති ඕනේ තරම් අය ඉන්නවා. එහෙම කෙනෙක් තමයි මමත්. තමන්ගේ උත්සාහය, කැපවීම, දක්ෂකම තියෙනවා නම් අදාළ ක්ෂේත්‍රයට සුදුසුකම් තියෙනවා නම් කලා පවුලකින් වෙන්නම ඕනේ නැහැ ඕනෙම කෙනෙක්ට ක්ෂේත්‍රයට එන්න පුළුවන්. පවුලේ බාලයා වෙලා කලාවට එද්දී ගෙදරින් ලැබුණු සහයෝගය කොහොමද? අයියලා දෙන්නෙක් මැද්දේ නංගි කෙනෙක් හැදෙනවා කියන්නේ එච්චර ලේසි දෙයක් නෙවෙයි. දැන් මතක් වෙද්දීත් බය හිතෙනවා. ඉස්සර ක්ලාස් යද්දී මම ඉස්සරහින් යනවා අයියලා දෙන්නා පිටිපස්සෙන් එනවා. සමහර පිරිමි ළමයි දන්නේ නැහැ පිටිපස්සෙන් එන්නේ අයියලා දෙන්නා කියලා. වැරදිලා හරි විහිළුවක් කළොත් එදාට ඉවරයි. හරිම නීති ගොඩක් මැද්දේ මම හැදෙන්නේ. බොහොම මෑත කාලේ තමයි තනියම ගමනක් හරි යන්න අවස්ථාවක් ලැබෙන්නේ. අයියලා දෙන්නා මුල් කාලේ කැමැති වුණෙම නැහැ. හැබැයි තාත්තට මගේ ගැන ලොකු විශ්වාසයක් තිබ්බා. ඒ නිසා තාත්තා මට උදව් කළා. තාත්තාගේ උදව්ව නිසා තමයි මෙච්චර දුරක් එන්න ලැබුණේ. දැන් නම් අයියලත් කැමැතියි මගේ මේ ගමනට. No photo description available. අයියලා දෙන්නා පිටුපසින් ආව නිසාම පාසල් ප්‍රේමය ගැන අහන්න හිතුණා... ඔව්. ගොඩක් කට්ටිය ගුටි කෑවා. මමත් ගුටි කාලා තියෙනවා. නිරූපණයෙන් රංගනයට ආ අසංකි දැන් මුල් තැන දීලා තියෙන්නේ රංගනයටද? මම තාම නිරූපණය අතහැරලා නැහැ. මම තාම නිරූපණයට ආදරෙයි. මම මේ සියලු දේ ලබන්නේ නිරූපණයට ආව එකත් එක්ක. නමුත් අවංකව කතා කළොත් සිනමාවට මම ගොඩක් කැමතියි. රංගනය කියන දේ අපිට හැමදාම කරන්න පුළුවන්. නිරූපණය කියන දේ අපි අපිව මේන්ටේන් කරන තාක් කල් විතරයි කරන්න පුළුවන්. ඒ නිසා මට පුළුවන් තාක් කල් මම නිරූපණ ක්ෂේත්‍රයේ රැඳිලා ඉඳියි. අසංකි හිමින් ගමනක් යන කෙනෙක්, නමුත් අද ඉන්න සමහර අය ඉක්මනින් ක්ෂේත්‍රයේ ගමනක් යන්න උත්සහ කරනවා. ඒක ඇත්තටම ලොකු ගැටලුවක්. මම රංගනයට එද්දී ප්‍රධාන චරිතයක්ම කරන්න ඕනේ කියන තැන මම හිටියේ නැහැ. මගේ වාසනාවට හොඳ චිත්‍රපටයක් සහ ප්‍රධාන චරිතයක් ලැබුණා. එක ෂූට් එකක් කරපු ගමන් අපි නිරූපණ ශිල්පිනියෝ එක පොඩි චරිතයක් කළ ගමන් අපි රංගන ශිල්පිනියෝ කියලා හිතන අය ඉන්නවා. මම හිතන්නේ නැහැ එහෙම අයට ලොකු ගමනක් යන්න පුළුවන් කියලා. හැබැයි සියලු සුදුසුකම් සපුරාගෙන ඉදිරියට ගියොත් හිතනවට වඩා ගමනක් යන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. No photo description available. ‘රෂ්’ චිත්‍රපටයට මුලින්ම හොයලා තියෙන්නේ ඉන්දියන් නිළියක්. ඉන්දියන් නිළියක් හොයන අතරේ තමා අසංකිට ඒ අවස්ථාව ලැබනේනේ, එහෙම කියනවට ආසයි. ඇත්තටම රෂ් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන මහේෂ් මුණසිංහට ඕනේ වෙලා තිබ්බේ චිත්‍රපටයේ ප්‍රධාන නිළියට ඉන්දියාවෙන් කෙනෙක් ගෙන්න ගන්න. ඊට පස්සේ පොඩි පොඩි දේවල් එක්ක ඒ සැලසුම වෙනස් කරලා ලංකාවෙම අලුත් හෝ ගොඩක් පෙනිලා නැති කෙනෙක් තෝරගන්න ඔවුන් තීරණය කරලා. එහෙම කෙනෙක් හොයද්දි තමයි මගේ රතු පාට ටොප් එකක් ඇඳපු හරි චාම් විදියට ගත්ත ෆොටෝ එකක් දැකලා ඒකට කැමැති වෙලා චිත්‍රපටයේ සෙසු කණ්ඩායම එක්කත් කතා කරලා ඒ හැමෝගෙන්ම හොඳ ප්‍රතිචාරයක් ලැබුණු නිසා තමයි මට ආරාධනා කළේ. ඊට පෙර මහේෂ් අයියාගේ වෙළෙඳ දැන්වීමකට මට කතා කර තිබුණත් ඒකට යන්න බැරි වුණා. අසංකි නිරූපණ හෝ රංගන ශිල්පිනියක් නොවුණා නම් කවුරු වෙයිද? එහෙම නොවුණා නම් සාමාන්‍ය විදියට ජොබ් එකක් කරගෙන ඉඳියි. හැබැයි මම පොඩි කාලේ ඉඳන්ම ආස වෙලා හිටියේ නිරූපණයට. ඒ නිසා වෙන පැත්තක් මම ලොකුට හිතුවේ නැහැ. මම මේකම තමයි ටාර්ගට් කරගෙන හිටියේ. May be an image of 2 people අද වෙද්දී රංගන ශිල්පිනියකගේ වෘත්තීය වටිනාකම අඩු වෙලාද? එහෙම වෙලා තියෙනවා මම හිතන්නේ අපේ රටේ පවතින සියලු තත්ත්වයන් එක්ක. ඉතින් මම හිතනවා හැමදාම මේ දේ මේ විදියට පවතින එකක් නැහැ කියලා. අනික් අතින් ඔය කියන කාරණය රංගන ශිල්පිනියන් වන අපි මතත් රඳා පවතිනවා. රටේ මොන ප්‍රශ්න තිබුණත් අපි හොඳ නිර්මාණවලට දායක වෙලා අපේ දක්ෂතා පෙන්නුම් කරලා තියෙනවා නම් ඔය ප්‍රශ්න ලොකුවට බලපාන්නේ නැහැ. සෝෂල් මීඩියා හරහා අසංකි, අසංකිගේ චරිතය මේන්ටේන් කරනවද? ඇත්තම කිව්වොත් මම සෝෂල් මීඩියාවල වටිනාකම දැනගෙන හිටියේ නැහැ. මොකද මම ඒ පැත්තෙන් ඇක්ටිව් කෙනෙක් නෙවෙයි. මුල් කාලයේ මම ෆොටෝ එකක් හරි දාන්නේ අවුරුද්දට එකක් දෙකක් වගේ. කාලයක් යද්දී මට තේරුණා අපේ දේවල් ප්‍රමෝට් කර ගන්න සෝෂල් මීඩියා කොච්චර වැදගත් ද කියලා. ඒත් එක්ක මෑතක තමයි මම සෝෂල් මීඩියා ඇක්ටිව් වෙලා මාව මේන්ටේන් කරන්න පටන් ගත්තේ. කටකතා ගොසිප් ගැන මොකද හිතෙන්නේ... ඒක මම දකින්නේ ජනප්‍රිය චරිතයක් වුණාම පොදුවේ මුහුණ දෙන්න වෙන ප්‍රශ්නයක්. කෙනෙක් කරන හොඳ දේට වඩා වැරදි දෙයක් තමයි ඉක්මනට වයිරල් වෙන්නේ. කවුරු හරි අඩනිරුවත් ෆොටෝ එකක් දැම්මොත් වයිරල් වෙනවා. එහෙම හැර අපේ රටට ජයග්‍රහණයක් ගෙනාව කෙනෙක්ගේ ෆොටෝ එකක් දැම්මොත් ඒකට කමෙන්ට් කරන්නේ ලයික් කරන්නේ නැහැ. ඒක මම හිතන්නේ අපිට වඩා බලන ප්‍රේක්ෂකයන්ගේ තියෙන වැරැද්ද. ඇයි ඔවුන්ව දිරි ගන්වන්නේ නැත්තේ. ඔය දේත් එක්ක මේ වෙද්දී ගොඩක් අය පුරුදු වෙලා තියෙනවා නෙගටිව් දේවල් ප්‍රමෝට් කරන්න. ඒ නිසා ඒක ප්‍රේක්ෂකයන්ම ඇති කරපු ප්‍රශ්නයක්. May be a closeup of 1 person අසංකි පෙම්වතියක්ද? නැහැ. කෂේත්‍රයේ කෙනෙක්ගෙන් ආදර යෝජනාවක් ආවොත් භාර ගන්නවද? මම කෂේත්‍රයේ කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න කැමැත්තක් නැහැ. මම කැමැතියි කෂේත්‍රයෙන් පිට කෙනෙක් වෙනවා නම්. එතකොට ප්‍රශ්න අඩුවෙයි, ලේසිවෙයි කියලා හිතනවා. අසංකිගේ ළඟම සහ දුරම ඉලක්කය මොකක්ද? ළඟම ඉලක්ක නැහැ මේ රටේ යන වාතාවරණ එක්ක. සාමන්‍යය විදියට ජීවිතේ ගෙවාගෙන යන එක තමයි ළඟම ඉලක්කය. දුරම ඉලක්ක ගත්තොත් සිනමාවේ ඉදිරි ගමන සාර්ථකව යන්න සහ මගේම කියලා ව්‍යපාරයක් පටන් ගන්න එක. අනූෂා රණසිංහ May be an image of 3 people, people standing and indoorMay be an image of 1 person, standing and indoorMay be an image of 1 person, standing and indoorMay be an image of 1 person, standing and indoorMay be an image of 1 person, standing and indoor
 

More News..