brand logo

මගේ තීන්දුව අධිකරණ තීන්දුවෙන් පසුවයි - අගමැති මහින්ද කියයි

01 December 2018

පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දෙසැම්බර් 07 වැනි දින ලබාදෙන තීන්දුවෙන් පසුව තමන් තීන්දුවන් ගන්නා බව අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. බහුතරය නොමැතිව තවදුරටත් අගමැති ධුරයේ රැඳී සිටීම ප්‍රායෝගික නොවන බවට ඇතැමුන් කරන ප්‍රකාශවලට පිළිතුරු ලෙස රාජපක්ෂ මහතා ඒ බව සඳහන් කර තිබේ. 7 වැනිදාට ශ්‍රේෂ්ඨාධිකරණය මහ මැතිවරණයකට යාමට තීරණය කළහොත් ගැටලුවක් නොවන බවත්, එසේ නොකර පාර්ලිමේන්තුව කරගෙන යාමට තීරණය කළහොත් බහුතරය පෙන්වීම ද ගැටලුවක් නොවන බවත් පවසා ඇත. එසේ නොමැතිව අගමැතිවරයා වෙනස් කිරීමට අවශ්‍ය නම් පත් කළ ආකාරයටම ඉවත් කිරීමට ජනාධිපතිවරයාට හැකි බවද ප්‍රකාශ වී ඇත.
 

More News..