brand logo

මගේ ජනපති අපේක්ෂකයා කවුරු වුවත් ඔහු අනිවාර්යයෙන්ම ජයගන්නවා

10 February 2019

ඉදිරි ජනපතිවරණයට තමන් ඉදිරිපත් කරන අපෙක්ෂකයා ජය ගන්නා බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඉන්දියාවේ ද හින්දු පුවත්පත සංවිධානය කරන වැඩමුළුවකට එක්වෙමින් එහි ආරාධිත දේශනය කිරීමෙන් අනතුරුව පැවැති ප්‍රශ්න වටයේදී ඔහුගෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන බවත් මහින්ද රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කළා. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයෙන් අගමැතිධුරය භාර ගැනීම මගින් ආණ්ඩුවේ තුනෙන් දෙකක බහුතරය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර පැවැති දීගය අවසන් කිරීමට හැකිවූ බවත් ඔහු පැවසුවා. ඊට පෙර සිය දේශනයේද ඔහු සඳහන් කළේ 2014 වසරේදී ඉන්දියාවේ ආණ්ඩු පෙරළිය හරහා සිදුනොවූ ප්‍රමාණවත් සන්නිවේදනය හේතුවෙන් ඉන්දු - ශ්‍රී ලංකා සබඳතාවලට ගැටලුවක් වූ බවත් මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළා. N.රාම් -  යුද්ධය අවසන් වී වසර 10ක් වනවා, යටිතල පහසුකම් ගොඩනගමින් සිටිනවා, තවත් කාර්යයන් තිබෙනවා ඉටුකිරීමට. එය දෙමළ ප්‍රජාව තෘප්තිමත් කළ යුතුවා මෙන්ම දේශපාලන නායකයනුත්, කුමක්ද ඔබගේ හැගීම ඒ ගැන ? මහින්ද රාජපක්ෂ - ජනතාව තෘප්තිමත් කළ හැකියි. නමුත් දේශපාලනඥයින් තෘප්තිමත් කරන්න බැහැ. මගේ ගැටළුව එයයි. N.රාම් - නව ව්‍යවස්ථාවක් සැකසෙමින් පවතිනවා. ඒ ගැන මොකද හිතන්නේ....? මහින්ද රාජපක්ෂ - පසුගිය වසර හතරේදී ඔවුන් එය ඉදිරිපත් කළේ නැහැ. මේ මැතිවරණ වර්ෂයේදී ඔවුන්ට ඡන්ද අවශ්‍යයි. ඒක දේශපාලන ක්‍රීඩාවක්. N.රාම් - දැන් ඔබ තවත් පක්ෂයක නායකයෙක්. නමුත් ඔබ එදා පැවසුවා, ඔබ සාමාජිකයෙක් නෙවෙයි කියලා. මහින්ද රාජපක්ෂ - එහි සභාපති මගේ ඉදිරිපිට ඉන්නවා. මහාචාර්ය ජී.එල්.පීරිස්. ඔහු තමයි පවසන්නේ මම නායකයා බව. N.රාම් - අවසන් වශයෙන් ඔබ කැමතිද, ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව ඉඟියක් ලබාදෙන්න. මහින්ද රාජපක්ෂ - අවාසනාවකට මට තරඟ කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මට සිද්ධ වෙනවා හොඳ අපේක්ෂකයෙක් ඊට යොදා ගන්න. කවුරු වුණත් මගේ අපේක්ෂකයා ජයග්‍රහණය කරාවී. N.රාම් - ඔබ අදහස් කරන්නේ නැද්ද ඉදිරියේදී ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට....? මහින්ද රාජපක්ෂ - මම එය කරන්නම්.
 

More News..