brand logo

මගේ චරිතය රගපෑවොත් වැඩවරදීයි - මුරලි සේදුපතිට කියයි

20 October 2020

‘‘800’’ චිත්‍රපටයේ තම චරිතය රඟපෑමෙන් ඉවත්වන්නැයි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් දකුණු ඉන්දීය ජනප්‍රිය නළු විජේ සේදුපතිගෙන් ඉල්ලීමක් කර ඇත. තම ජීවිත කතාව අලළා නිර්මාණය කෙරෙන මෙම චිත්‍රපටයේ රඟපෑම සම්බන්ධයෙන් තමිල්නාඩු ජනතාවගෙන් එල්ලවී ඇති විරෝධය හේතුවෙන් මෙම ඉල්ලීම කරන බවද, මේ මගින් විශිෂ්ට කලාකරුවකු වන විජේ සේදුපතිගේ අනාගතය විනාශ කිරීමට බලාපොරොත්තු නොවන බවද මුරලිදරන් සේදුපතිට ලිපියක් ලියමින් සඳහන් කර ඇත. මුත්තයියා මුරලිදරන්ගේ එම ඉල්ලීම ‘ට්විටර්’ මගින් බලා ඇති විජය සේදුපති ‘‘ස්තුතියි ආයුබෝවන්’’ ලෙසින් අාචාරයක් පළකරමින් පණිවුඩයක් එක්කොට තිබිණි. මේ අතර පසුගියදා මෙම චිත්‍රපටයට එල්ල වී ඇති විරෝධය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් මුත්තයියා මුරලිදරන් කියා සිටියේ ඇතැම් පාර්ශ්ව චෝදනා කරන අන්දමට තමන් අහිංසක දෙමළ ජනතාව ඝාතනය වීම කිසිවිටෙක අනුමත කළ අයෙකු නොවන බවයි. එස්. අස්ලම්  
 

More News..