brand logo

මගේ අම්මෝ මෙන්න මෙහෙත් කඩුවක්

07 May 2019

ඉකුත් බ්‍රහස්පතින්දා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතනවල දේශපාලනඥයින්ගේ රැස්වීමක් ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාගේ නිවසේදී පැවැත්විණි. මෙම රැස්වීමට පැමිණි ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයා ‘යමක්’ දැක එක්වනම කෑගැසුවේය. ‘‘මගේ අම්මෝ මෙන්න මෙහෙත් කඩුවක් ...’’ ‘‘නැහැ බයවෙන්න එපා... මේක මේ පිත්තල කඩුවක්... මට තාත්තගෙන් හම්බවුණේ... පරම්පරාගත කඩුවක්... මේක මගේ කාමරේ තිබුණේ... පස්සේ මම ගෙනල්ලා මෙතනින් තිබ්බා...’’ ප්‍රසන්න කීවේ සිනාසෙමිනි. ‘‘මේක දැක්කොත් ඔබතුමාවත් අල්ලගනියි..." ඉන්දික කීවේය. ‘‘ඔව් ඔව්... ආණ්ඩුවත් බොහොම කැමතිවෙයි ප්‍රසන්නගෙ ගෙදරින් කඩුවක් හම්බවුණා කියන්න...’’ ප්‍රසන්න කීවේය. ත්‍රස්ත ප්‍රහාර නිසා සතියක් වැඩිපුර වසා තැබූ පාසල් ලබන සඳුදා විවෘත්ත වීමට නියමිත ය. එහෙත් කාදිනල් හිමිපාණන් පවසා තිබුණේ, කතෝලික පාසල් නම් තවත් කාලයක් වසා තැබිය යුතු බවය. මේ අතර ඉස්ලාම් භක්තියකයින්ගේ රාමසාන් උපවාස කාලය ඇරඹෙන්නේ ද ලබන සඳුදා ය.
 

More News..