brand logo

මගී බස් රථවල රුපවාහිනී තහනම් කරන්නැයි ඉල්ලති

13 August 2018

මගී බස් රථවල සවිකර ඇති රුපවාහිනී යන්ත්‍ර තනහම් කරන්නැයි කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. රූපවාහිනී යන්ත්‍ර නිසා රියදුරුගේ අවධානය වෙනතකට යොමු වීම, විකාශනය වන ඇතැම් දර්ශන නිසා මගීන් අපහසුතාවට පත්වීම වැනි හේතු නිසා නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය එම පළාතේ මගී බස් රථවල රුපවාහිනී තහනම් කිරීමට කටයුතු කර ඇත. මෙය බස්නාහිර පළාතට පමණක් අදාළ කරුණක් නොවන බැවින් නැගෙනහිර පළාත් ප්‍රවහන් අධිකාරිය ගත් තීරණය ආදර්ශයට ගනිමින් දිවයිනේ සියලුම මගී බස් රථවල රුපවාහිනී තහනම් කරන ලෙස ජාතික ගමනා ගමන කොමිෂන් සභාවෙන් සහ ප්‍රවාහන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව බස් මගීන්ගේ සංගමයේ කැඳවුම්කරු ගැමුණු පරණවිතාන මහතා පවයි. 2010 වසරේ "මහමග යන සැමට යහමග කියන මහමග ටී. වී." යන තේමාව යටතේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් ආරම්භ කළ වැඩපිළිවෙළක් යටතේ බස් රථ සඳහා රූපවහිනි යන්ත්‍ර සවිකළ ද ඉන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වූ බව හෙතෙම පෙන්වා දෙයි. ගුවන් විදුලි යන්ත්‍රය හැර වෙනත් ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණයක් භාවිතා නොකරනු ලබන බස් සේවාවක් ලබා ගැනීමට මගීන්ට ඇති අයිතිය මෙමගින් උල්ලංඝණය වන බවත් ගුවන් විදුලි යන්ත්‍රයක් වුවද උපරිම ශබ්ද මට්ටම ඩෙසිබල් 80 සීමාව ඉක්මවන්නේ නම් එයද මගීන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවත් හෙතෙම අවධාරණය කරයි.
 

More News..