brand logo

මගීන්ට ටිකට් නොදීමෙන් ලංගම පාඩුව දිනකට කෝටියයි

03 February 2020

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඇතැම් කොන්දොස්තරවරු ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීම නිසා මණ්ඩලයට දිනකට රුපියල් කෝටියකට වැඩි මුදලක් අහිමි වන බව එම මණ්ඩලයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක පැවසීය. ප්‍රවේශපත් නිකුත් නොකර එම මුදල් කොන්දොස්තරවරුන් යටි මඩි ගසා ගන්නා බවද හෙළිවී ඇත. මෙලෙස ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීම නිසා එක ඩිපෝවකින් දිනකට රුපියල් ලක්ෂයක මුදලක් මණ්ඩලයට අහිමි වන බවත්,ලංකා ගමනාගමන මණ්ඩලය සතුව ඩිපෝ 106 ක් තිබෙන බවත් ඔහු කියයි. මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා මහජනතාවගේ සහයෝගය බලාපොරොත්තු වන බවද සභාපතිවරයා සඳහන් කළේය. ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන කොන්දොස්තරවරුන් සම්බන්ධව 011-7555555 යන දුරකථන අංකයට පැමිණිලි කරන ලෙස ඉල්ලා සිටින බවත්,නැතහොත් කොන්දොස්තරවරයාට බලකර හෝ ප්‍රවේශ පත්‍රය ඉල්ලා ගන්නා ලෙස ඉල්ලා ගන්නා ලෙස පැවැසේ. සාලිය කුමාර ගුණසේකර
 

More News..