brand logo

මග්ගොන තවත් 15කට කොරෝනා

23 December 2020

කළුතර මග්ගොන ප්‍රදේශයෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 15දෙනෙකු හදුනාගෙන තිබේ. බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කළේ මග්ගොන සංචරණ සීමා පනවා ඇති ගම්මාන දෙකකින් මෙම රෝගීන් හදුනාගත් බවයි. මෙලෙස අද දිනයේ හදුනාගත් ආසාදිතයින්ගෙන් 08දෙනෙකු ක්ෂණික ප්‍රතිදේශ පරීක්ෂණ (ඇන්ටිජින් පරික්ෂණ) වලින් හදුනාගෙන තිබේ. සෙසු පුද්ගලයින් 07දෙනා පී.සී.ආර්. පරීක්ෂණ වලින් හදුනාගත් බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරයි.
 

More News..