brand logo

මංතීරු නීතියේ වෙනසක්

22 September 2020

බස් ප්‍රමුඛතා මංතීරුවේ හෙට (23) දින සිට ධාවනය කළ හැකි රථ වාහන සම්බන්ධයෙන් වෙනසක් සිදුකර තිබේ. ඒ අනුව හෙට (23) දින බස් මංතීරුවේ ධාවනය කළ හැකි වන්නේ මගී ප්‍රවාහන බස් රථ, පාසල් සේවා බස් සහ වෑන් රථ, කාර්යාල සේවා බස් රථ සහ වෑන් රථවලට පමණීයි. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේ යතුරු පැදි සහ ත්‍රිරෝද රථවලට දෙවන මංතීරුව භාවිත කරන ලෙසට ද ඉල්ලීමක් කළ බවයි. මංතීරු නීතිය යටතේ මීට‌ පෙර පොලීසිය යෝජනා කළේ යතුරු පැදි සහ ත්‍රිරෝද රථ බස් ප්‍රමුඛතා මංතීරුවේ ධාවනය කරවීම සදහාය.
 

More News..