brand logo

මංතීරු නීතියට බස් හිමියන්ගේ විරෝධය

15 September 2020

බස් රථ මං තීරුවේ ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ගමන් කළ යුතු බවට පොලීසිය විසින් ගෙන ඇති තීරණයට විරෝධය පළ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. ඒ අද දින (15) කොළඹ දී පවති මාධ්‍ය හමුවකදී යි. මෙම තීරණය හකුළා ගැනීමට පොලීසිය කටයුතු නොකලොත් බස් රථ ධාවනයෙන් ඉවත් කිරීමට පියවර ගනා බව ගැමුණු විජේරත්න මහතා පවසනවා. බස් රථ මං තීරුව ගැසට් කර තිබියදී එහි ත්‍රීරෝද රථ සහ යතුරුපැදි ගමන්කිරීම නීති විරෝදී බව පවසනවා. තවද පවත්නා නිතිය පොලීසිය විසින් ම කඩකිරීමට එරෙහිව ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පැවසෙනවා. ත්‍රිරෝද රථයක උපරිම වේගය පැයට කිලෝමීටර් 40ක්ව තිබියදී මගීන් 60 - 70 ක් අතර ගෙනයන බස් රථ එය පසුපසින් යෑම ගැටලුකාරී බව වැඩි දුරටත් පවසනවා. තවද මංතීරු නීතිය හේතුවෙන් යතුරුපැදි කරුවන් අනතුරට ලක්වීමේ අවදානමක් තිබෙන බවත් යම් අනතුරක් සිදු වුවහොත් එහි වගකීම පොලීසිය ගතයුතු බවත් සඳහන් කරනවා. මංතීරු නීතියේ තිබෙන ගැටළු මගහරවා ගැනීමට පොලිසිය හා ප්‍රවාහන සංගම් එකතුකර සාකච්ඡාවක් කැඳවන්නැයි ජනාධිපති වරයාගෙන් ඉල්ලා සිටින බවත් විජේරත්න මහතා සඳහන් කරනවා.
 

More News..