brand logo

මංගල රාජිත ගැටුම මුදල් පලහිලව්වක් මත

22 June 2019

මුදල් ඇමැති මංගල සමරවීර හා සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න අතර ගැටුමක් ආරම්භ වී ඇති අතර ඊට හේතුවී ඇත්තේ සේනාරත්න රෝහල් ගොඩනැගිලි කිහිපයක් ඉදිකිරීම සඳහා මුදල් ඉල්ලා නොලැබීම බව වාර්තා වේ. රටේ මුදල් තත්ත්වය සැලකිල්ලට ගෙන නව ව්‍යාපෘති සඳහා නොයන ලෙසත් රාජ්‍ය වියදම සියයට පහළොවකින් කපා හරින ලෙසත් මුදල් අමාත්‍යාංශය දන්වා ඇත. එසේ තිබියදී ආරම්භ කරන ලද ව්‍යාපෘති අවසන් කිරීමට නොහැකි නිසා ඒ සඳහා සෞඛ්‍ය ඇමැතිවරයා මුදල් ප්‍රතිපාදන ඉල්ලා ඇතත් මුදල් අමාත්‍යාංශය එය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය මත චීන සිගරැට් ගෙන ඒමට අවස්ථාව ලබාදෙන බවට මුදල් ඇමැතිවරයා සඳහන් කිරීමත් සමග ගැටුම නිර්මාණය වී තිබේ. කෙසේ වෙතත් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න පැවසුවේ චීන සිගරැට් රට තුළට ගෙන ඒමට අවසර ලබාදුනහොත් ආණ්ඩුවේ රැඳී සිටීම අවිනිශ්චිත බවයි.
 

More News..