brand logo

මංගල මන්ත්‍රී දේශපාලනයට සමුදෙයි

09 June 2020

මහ මැතිවරණය සඳහා මාතර දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය පක්ෂයෙන් නාමයෝජනා බාර දුන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර තමා ඉදිරි මැතිවරණයට ඉදිරිපත් නොවන බව පවසයි. ඔහු නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ අද සිට තමා “මන්ත්‍රී දේශපාලනයට“ සමුදීමට තීරණය කළ බවය. මනාප අංක සම්බන්ධයෙන් අද (09) නිකුත් කළ ගැසට් නිවේදනය අනුව ඔහු මාතර දිස්ත්‍රික්ය සඳහා සමගි ජන බලවේගය පක්ෂයෙන් අංක 08 යටතේ තරග කිරීමට නියමිතව තිබුණි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලය අකාර්යක්ෂම සහ අදූරදර්ශී පාලනයක් බවත්, මාස 06ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ එය මැනවින් ඔප්පු කර ඇති බවත්, ජාතිවාදය, ආගම්වාදය පතුරුවා හරිමින් මිලිටරිකරණයට රට නතු කරමින් සිටින් බවත්, ඒ හමුවේ රට දැවැන්ත අර්බුදයක ගිල්වා ඇති මොහොතක විපක්ෂය තමන්ගේ කාර්යය කුමක්ද යන්න හෝ නිවැරදිව වටහා ගෙන නොමැතිව කටයුතු කරන බවත් මංගල සමරවීර මහතා ප්‍රකාශ කර ඇත. මේ රට ගොඩනැගීමට නම් එක්සත් ජාතික පක්ෂයේ මූලික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වියයුතු බව අවධාරණය කර සිටි හිටපු අමාත්‍යවරයා, පක්ෂය බෙදී වෙන්වීම පිළිබඳව සිය කණගාටුව ප්‍රකාශ කර සිටියේය. මන්ත්‍රී දේශපාලනයෙන් ඉවත් වුවද තමා දේශපාලනයෙන් සමු ගැනීමට හෝ විශ්‍රාම ගැනීමට කිසිඳු ලෙසකින් තීන්දු කර නැතැයි අවධාරණය කර සිටි මංගල සමරවීර මහතා, අලුත් දේශපාලන ගමනක් ඇරඹීම සඳහා තමාට තිස් වසරකට වැඩි කාලයක් ශක්තිය දුන් එඩිතර මාතර ජනතාවගේ ආශිර්වාදය ඉදිරියටත් බලාපොරොත්තු වන බව කියා සිටියේය.  
 

More News..