brand logo

මංගල දැන්වීමෙන් සොරා කෑ හැටි

11 March 2020

මංගල දැන්වීමක් පලකර කාන්තාවක් සොයා ගෙන එම කාන්තාවගේ නිවසට පැමිණි අයෙකු ඇය රවටා දේපල හා මුදල් සහ ජංගම දුරකථනයක් රැගෙන ගොස් කළ වංචාවක් සම්බන්ධ හක්මන පොලිසිය සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරනු ලබයි. 2019 වර්ෂයේ අගෝස්තු මස ප්‍රසිද්ධ පුවත්පතක මංගල දැන්වීමක් දමා ඇති අතර එම මංගල දැන්වීම අනුව පුද්ගලයෙකු මෙම පැමිණිලිකාර කාන්තාවට දුරකථනයෙන් කථාකර පැමිණිලිකාර කාන්තාව හදුනාගැනීමට අවශ්‍ය බව පවසා ඇත. මේ ඉල්ලීමට අනුව මනමාලයා කාන්තාව බැලීමට ඇයගේ නිවසට පැමිණ තිබේ. පසුව මාස කිහිපයක් දැන හැදින ගැනීමෙන් පසුව මේ පුද්ගලයා විසින් වාහනයක් මිලදී ගන්නා බවත්, ඒ සදහා මුදල් ටිකක් මදිවී ඇති බව පවසා ඇයගේ රන් මාලය හා පෙන්ඩනය උගස්කර මුදලින් රුපියල් 196000 ක මුදලක් ලබා ගෙන ඇත. ඇය සන්තකයේ තිබූ රු 9000 ක මුදලක් ද ඉල්ලා ගෙන පසුව එම මුදලද ප්‍රමාණවත් නොවු බව පවසා ඇයගේ බැංකු ගිණුමේ තිබූ රු 80000 ක් බැංකුවෙන් අරන් දී ඇත. ඉන් පසුව වාහනයේ පොත ගැනීමට කැමරාවක් හෝ ජංගම දුරකථනයක් අවශ්‍ය බව පවසා තිබේ. පසුව මෙම කාන්තාවගේ රු 17000 ව‍ටිනා ජංගම දුරකථනයද රැගෙන ගොස් ඇත. එම පුද්ගලයා ඇය සතුව මුදල් හා දේපල සොරාගෙන ගොස් ඇත්තේ වාහනය රැගෙන එන බවට පොරොන්දු ද ලබා දෙමිනි. ජංගම දුරකථනයද රැගෙන ගිය අවස්ථාවේ සිට ක්‍රියාවිරත කර ඇත. පසුව ඇයට ලබා දුන් ලිපිනය ඔක්සේ විපරම් කිරීමේදී මෙය ව්‍යාජ ලිපිනයක් බව හෙළිවිමත් සමගම හක්මන පොලිසිය ට පැමිණිලි කර ඇත. මෙසේ පැමිණිලිකර ඇත්තේ හක්මන පොලිස් වසමේ පුහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවකි. මාතර කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනිල් ප්‍රියන්ත මහතා ගේ මහතගේ උපදෙස් පරිදි හක්මන පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් ආරම්භ කර ඇත.   මහින්ද තැළිකෝරාලගේ
 

More News..