brand logo

මංගල තරගයේම චාමිකට ආබාධයක්

16 January 2022

කඩුළු 02 දැවී ලකුණු 148ක්

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු එක්දින තරගය මේ වනවිට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. එහිදී කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. චාමික ගුණසේකර මෙම තරගයේදී සිය මංගල එක්දින වරම් හිමිකරගැනීමට සමත්විය. තරගයේ පළමු පන්දුවාරය නුවන් ප්‍රදීප් යොමුකිරීමෙන් අනතුරුව සිය මංගල පන්දුවාරය යොමුකිරීමට සිදුකලේද ඔහු විසින්. එතිදී ඔහුගේ පන්දුවාරයට ලකුණු 8ක් රැස්කරගැනීමට සිම්බාබ්වේ පිතිකරුවන් සමත් විය. කෙසේ වෙතත් ඊට පසුව නැවත නුවන් ප්‍රදීප් විසින් සිය දෙවන පන්දුවාරය යොමු කිරීමෙන් අනතුරුව චාමික ගුණසේකර ක්‍රීඩාගාරය වෙත ගමන් කරනු දැකිය හැකිවිය. ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔහුගේ පාදයේ ඇතිවූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් මෙලෙස ක්‍රීඩාගාරයට ගොස් ඇති බවය. මේ වනවිට පන්දුවාර 27ක් අවසානයේදී සිම්බාබ්වේ කණ්ඩායම කඩුළු 02 දැවී ලකුණු 148ක් රැස්කරගෙන සිටියා.
 

More News..