brand logo

මංගල උත්සව වලට ගෙන්වා ගතහැකි පිරිස වැඩි කරන්න අවධානය

24 June 2020

උත්සව අවස්ථා සඳහා සහභාගි විය හැකි පිරිස 200 ක් දක්වා වැඩි කිරිමට රජයේ අවධානය යොමුව ඇත. විවාහ මංගල උත්සව ඇතුලු උත්සව අවස්ථා සඳහා අවම 200 යක පිරිසක් සහභාගි කර ගැනිමට අවසර දීමට අවධානය යොමුව ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සමස්ථ ලංකා උත්සව ශාලා හා ආහාරපාන සපයන්නන්ගේ සංගමය සමග පැවසුවේ. කොඩිඩ් 19 වසංගතය හේතුවෙන් විවාහ මංගල උත්සව හා වෙනත් උත්සව සඳහා සහභාගී කරගත හැකි සංඛ්‍යාව 100 දක්වා සීමා කර ඇති අතර එම  සංගම් නියෝජිතයන් පෙන්වා දුන්නේ එය ප්‍රමාණවත් නොවන බවයි. එමෙන්ම සංචාරක සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි  වී නැත්නම් සංචාරක අධිකාරියේ කඩිනමින් ලියාපදිංචි වන ලෙස ඇමතිවරයා උපදෙස් දුන්නේය.
 

More News..