brand logo

මංගලලාගේ මඩ කැම්පේන් මේ පාර හරියන්නේ නැහැ

04 November 2019

‘‘පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් සියලුදෙනාම ඉන්නේ සජිත්ගේ වේදිකාවේ... රිෂාඩ්ලා, හකීම්ලා වගේ අන්තවාදීන් ළංකරගෙන ඉන්න ගමන් පාස්කු ප්‍රහාරයේ වගකීම අපේ කරට දාන්න හදනවා... ඕවා කරලා මිනිස්සු රවට්ටන්න බැහැ දැන්...’’ ප්‍රසන්න කීවේය. ‘‘සජිත්ගේ පිලේ ඉන්න සේරම බොරු කුමන්ත්‍රණවලට කප් ගහපු අය... මංගලලා වගේ පිරිසක් තමයි මේ වැඩේ පිටිපස්සේ ඉන්නවා කියන්නේ... එක්සත් ජාතික පක්ෂයේම අය අපට කතා කරලා කියනවා මේ වගේ හිරිකිත වැඩ තමයි සජිත්ගේ කැම්පේන් එකේ කෙරෙන තරමක් කෙරෙන්නේ කියලා...’’ කෙහෙළිය කීවේ ය. ‘‘මංගලලාගේ මඩ කැම්පේන් මේ පාර හරියන්නේ නැහැ... ඒ වගේම ජනාධිපතිවරණයෙන් ගෝඨාභය මහත්තයා ජයග්‍රහණය කළාට පස්සේ පත්කෙරෙන පූර්ණ බලැති කොමිසමෙන් පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් ඔක්කොම හෙළිදරව් වෙන හින්දා අපි ඕකට කලබල වෙන්න ඕනෙ නැහැ...’’ ගම්මන්පිල කීවේ ය.
 

More News..