brand logo

මංගලපුර ප්‍රදේශයේ පොල් ඉඩමක වළ දමා තිබූ අවි ආයුධ රැසක් සොයාගැනේ

28 April 2019

වනාතවිල්ලුව - මංගලපුර ප්‍රදේශයේ පොල් ඉඩමක වළ දමා තිබූ අවි ආයුධ රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයා ගෙන ඇත. 27 වැනිදා සවස සිදු කරන ලද කැණීම් වලදී මෙම අවි ආයුධ තොගය සොයා ගෙන ඇත. ටී.56 වර්ගයේ ගිනි අවියක්,මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝල 01 ක්,රිවෝල්වර් 01 ක්,මෙරට නිෂ්පාදිත රිවෝල්වර් 05 ක්,ජීව උණ්ඩ තොගයක්ද සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමත්වී ඇත. කාන්තන්කුඩි ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගත් සහරාන්ගේ රියදුරුගෙන් ලද තොරතුරක් මත මෙම ගිනි අවි සොයා ගෙන ඇත.සොයා ගෙන ඇති ටී.56 ගිනි අවිය සහරාන් විසින් පාවිච්චි කළ එකක් බව අත්අඩංගුවේ පසුවන ඔහුගේ රියදුරු පවසා ඇත. මෙම ගිනි අවි සොයා ගන්නා ලද ඉඩමේ තිබී පසුගිය ජනවාරි මාසයේදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබුණි.එම ඉඩම තවුෆික් ජමාත් සංවිධානයේ සාමාජිකයින් විවිධ කටයුතු සදහා පුහුණු කරන ලද ස්ථානයක් බවටද එම අවස්ථාවේදී අනාවරණය වී තිබුණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
 

More News..