brand logo

මංගලට - රාජිතට - චතුරට ගම්පහ විහාර තහනම්

05 June 2019

මුදල් අමාත්‍ය මංගල සමරවීර, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න යන මැති ඇමතිවරුන්ට ගම්පහ ආසනයේ විහාරස්ථානවල පැවැත්වෙන උත්සවවලට සහභාගී වීම තහනම් කිරීමට විහාරාධිපති හිමිවරුන් තීරණය කර ඇති බව වාර්තා වේ. ඊයේ (04) රැස්වූ ගම්පහ ආසනයේ විහාරාධිපති සංගමය විසින් මෙම තීරණය ගෙන ඇත. ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී තෝරපිටියේ ආනන්ද හිමි පැවසුවේ ශ්‍රී ලංකාවට පොදු එක් නීතියක් ක්‍රියාත්මක කරවිම සම්බන්ධයෙන් වැඩපිළීවෙලක් සකස් කළ යුතු බවට යෝජනාවක් ද එහිදී සම්මත වූ බවයි.
 

More News..