brand logo

භූ පැළුම් ඇති අයට ගෙවල්, ඉඩම්

28 September 2020

පොළොන්නරුව, හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් හයක භූ පැළුම් දක්නට ලැබෙන බැවින් එම ප්‍රදේශවල හඳුනාගත් පවුල් එකසිය හයකට නව නිවාස සහ ඉඩම් ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත. හිඟුරක්​ගොඩ රජ ඇළගම, පාසිහවැව, බුබුළ, රජ ඇළ, හිඟුරන, උණගලාවෙහෙර යන ග්‍රාම නිලධාරී වසම් හයෙහි ජනතාව පීඩාවට පත්ව ඇති බව අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. ඉඩමක් සමග නිවසක් මිලදී ගැනීමට රුපියල් ලක්ෂ දහසයක් ලබාදීම ඉඩමක් මිලදීගෙන නිවාස ඉදිකිරීමට රුපියල් ලක්ෂ දහතරක් හා නිවාස ඉදිකිරීම රුපියල් ලක්ෂ දොළහක් දීම, රජයේ ඉඩමක් ඇත්නම් නිවස ඉදිකිරීමට රුපියල් ලක්ෂ දොළහක් දීම යන යෝජනා ඉදිරිපත් කර ඇත. එතෙක් මාසිකව එක් පවුලකට රුපියල් දසදහසක මුදලක් නිවාස කුලී දීමනාවක් ලෙස මාස හයක කාලයක් ලබාදීමටද ආරක්ෂක අමාත්‍යාංශය යෝජනා කර ඇත. මෙම පවුල් කඩිනමින් වෙනත් ප්‍රදේශවල පදිංචි කරවීම මෙහි අරමුණ වෙයි. උදයජීව ඒකනායක
 

More News..