brand logo

කොවිඩ් මරණ භූමදානේ කලොත් බෞද්ධයා කළ යුතු දේ ගැන ආනන්ද සාගර හිමි කියයි

16 November 2020

මෙරට තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මියයන පුද්ගලයින්ගේ දේහයන් පිළිබද අවසන් කටයුතු ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙරට ලබාදී ඇති උපදෙස් අනුව සිදුකළ යුතු බව සුරකිමු ශී‍්‍ර ලංකා සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියන් පවසයි. එසේ නොමැතිව ඉස්ලාම් ආගමිකයන් කොරෝනා ආසාදනයෙන් මියගොස් ගියහොත් මෘත දේහ භූමදාන කරන්නට ඉඩ දුන හොත් මෙරට බෞද්ධයන්ගේ ආගමික කටයුතු ද එළිමහනේ ප්‍රසිද්ධියේ සිදු කරන බව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ සදහන් කරයි. උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙම කටයුතු තීරණය ගත යුත්තේ වෛද්‍ය විද්‍යාත්මකව සලකා බැලීමෙන් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව අර්ථයෙන් මිස ආගමික වුවමනා මත නොවන බවයි. කොවිඞ් මරණ අවසන් කටයුතු සිදු කිරීමේ කි‍්‍රයාවලිය රටින් රටට වෙනස් වූවත් ශී‍්‍ර ලංකාවේ පොළොව අඩි පහක් ප්‍රමාණයක් හැරීමේ දී ජලය මතුවන ස්වභාවයක් පවතින හෙයින් විද්‍යානුකූලව ඔප්පු වී ඇත්තේ කොවිඞ් වෛරසය ආසාධනය වී ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන්ගේ මෘතදේහ පිළිබදව අවසන් කටයුතු සිදු කිරීම ආදාහනයෙන් පමණක් සිදු කිරීම බව ද ආනන්ද සාගර හිමියෝ අවධාරණය කරයි.
 

More News..