brand logo

භික්ෂු විශ්වවිද්‍යාලයෙන් කොරෝනා ආසාදිතයෙක් සොයා ගනී

13 January 2021

අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයෙන් කොවිඩ් - 19 වෛරස ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමඟ විශ්වවිද්‍යාලය වසා දමා තිබේ. මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ ජ්‍යෙෂ්ඨ සහකාර මූල්‍ය අධිකාරිවරයාට බව විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරි යු.ඩි. දොඩම්වල මහතා සඳහන් කරයි. ආසාදිතයා හඳුනා ගැනීමත් සමඟ විශ්ව විද්‍යාලය ලබන සඳුදා දක්වා වසා දැමීමට තීරණය කර තිබේ. විශ්වවිද්‍යාල පරිශ්‍රය විෂබීජ හරණයට ලක්කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පියවර ගෙන ඇති බව වාර්තා වේ. මේ වන විට ජ්‍යෙෂ්ඨ සහකාර මූල්‍ය අධිකාරිවරයාගේ ආශ්‍රිතයින් සේවීමට පියවර ගෙන ඇති බවට විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..