brand logo

භික්ෂුණීන්ගේ ඡන්ද අයිතිය ගැන ගැටලුවක්

28 July 2020

මෙරට භික්ෂුණීන් වහන්සේට හැඳුනුම්පත නිසා ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය නැතිවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබේ. භික්ෂුණීන් ඡන්ද අයිතියට බාධාවක් වීම වලක්වා ලීමේ ප්‍රායෝගික විකල්ප ක්‍රමවේදයක් ලෙස මැතිවරණය සදහා සැකසු විශේෂ හැදුනුම්පතක් හදුන්වා දීම සුදුසු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව යෝජනා කරයි. මහ මැතිවරණය 2020- මානව හිමිකම් කොමිෂන් සභාවේ යෝජනා/නිර්දේශ යන ශිර්ෂය යටතේ ජුලි මස 24 දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ඉදිරිපත් කළ ලිපියකින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ  භික්ෂුනීන්හට ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රමවේදයේ ගැටළුවක් පවතින බැවින් ඒ සදහා ප්‍රායෝගික විකල්ප ක්‍රමවේදයක් ලෙස මැතිවරණය සදහා සැකසු විශේෂ හැදුනුම්පතක් හදුන්වාදීම. එහිදී  පුජ්‍ය පක්ෂය  ලෙස හැදුනුම්පතෙහි පොදුවේ දැක්වීම මගින් භික්ෂුනීන්හට ද සිය ඡන්දය භාවිත කිරීමට අවස්ථාව සලසාගත හැකිය.යනුවෙනි. නිල වශයෙන් පිළිගැනීම බුද්ධශාසන අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම හේතුවෙන්, ජාතික හැඳුනුම්පතක් ලබාගත නොහැකිව සිටින ශ්‍රී ලංකාවේ සිටින 8000 කට ආසන්න බෞද්ධ භික්ෂුණීන් වහන්සේට ඡන්ද අයිතිය අහිමි වීම ගැන 2019 ජනාධිපතිවරණයේ දී මානව හිමිකම් කොමිසමේ අවධානය යොමුව තිබුණි.කෙසේවෙතත් භික්ෂුනීන්ට ඡන්ද අයිතිය ලබා දීම වෙනුවෙන් ක්ෂණිකව සිදුකළ හැකි මැදිහත් වීමක් ගැන ආචාර්ය උඩගම ලියු ලිපියේ සඳහන් වී නැත. නයන තරංග ගමගේ
 

More News..