brand logo

භාරතයෙන් පැමිණි කඳ කුමරු සහ වල්ලි

23 February 2020

සම්මානිත චිත්‍රපට අධ්‍යක්ෂ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නවතම සිනමා නිර්මාණය තමයි "කදිර දිව්‍යරාජ" කඳකුමරු සහ වල්ලීගේ ප්‍රේම කතාව පදනම් කරගත් මේ සිනමාපටයේ කඳකුමරු සහ වල්ලි යන ප්‍රධාන චරිතවලට පණ පොවන්නේ භාරතීය රංගන ශිල්පීන් දෙපළක් වන සමර් වෙරිමාන් සහ සොනක්ෂි රාවට්. මේ අය හමුවන්නට අපටත් අවස්ථාවක් ලැබුණා පසුගිය දවසක හම්බන්තොට රන්මිණිතැන්න නළු නිළි ගම්මානයේදී. වල්ලි මාතාවට රංගන දායකත්වය ලබා දෙන්නේ භාරතීය රංගන ශිල්පිනී සොනක්ෂි රාවට් සම්පුර්ණ නම සොනක්ෂි සිං රාවට් උපන් ගම් පළාත ඉන්දියාවේ මුම්බායි වල,රාජස්ථානයයි මුම්බායි අතර තමයි මම ඇතිදැඩි වුණේ. පවුලේ විස්තර අම්මයි, තාත්තයි සහෝදරියෝ හතර දෙනයි. අධ්‍යාපන කටයුතු මේ වෙද්දී ව්‍යාපාර කළමනාකරණ උපාධිය අවසන් කරලා ඉන්නේ. සිනමාවට එන්න හිතුවේ ඇයි මම පොඩි කාලේ ඉඳන් ආස කළා සිනමාවට ඒ නිසා නිතර බොලිවුඩ් චිත්‍රපට බලනවා. ඒ හැමවෙලේම හිතුණේ මටත් මේ සිනමාවට සම්බන්ධ වෙන්න. මම වයස අවුරුදු 16 දී තමයි පළවෙනි මොඩ්ල් එසයිමන්ට් එකට අත්සන් කළේ. වෙළෙඳ දැන්වීම් ගොඩකට සහ ටීවී සීරියල් ගොඩක මම ඉඳලා තියෙනවා. මේක මගේ පළවෙනි විශාලම සිනමාපටය. ඉතින් මේ සිනමාපටයට මාව තෝරාගත්තට සුනිල් සර්ට ස්තුතියි. විමල් සර්ටත් ස්තුතියි. ඒ වගේම භාෂා ප‍්‍රශ්නය මඟහරවන්න අපිට උදව් කළ මහාචාර්ය උපුල් රංජිත් සර්ටත් ස්තුතියි. ලංකාවේ සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ ලොකු භාග්‍යයක් විදියට තමා මම මේ කදිර දිව්‍යරාජ චිත්‍රපටය දකින්නේ. මම ලංකාවේ සිනමාවේ නිර්මාණ ගැන දැනගෙන හිටියෙත් නැහැ, ඒ වගේම ලංකාවේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබෙයි කියලා හිතුවෙත් නැහැ. මොකද හිතුණේ ලංකාවේ චිත්‍රපටයකට අවස්ථාව ලැබුණාම මම ඔඩිෂන් ඇවිත් පැය කිහිපයක් ඇතුළත මාව තෝරා ගත්තා කියලා දැනගන්න ලැබුණා. ඉතින් මේ අවස්ථාව ඉතා සතුටින් භාර ගත්තා. මොකද මේක මට අලුත් අත්දැකීමක් වෙයි කියලා හිතුවා. මේ තුළින් අලුත් දේවල් ඉගෙනගන්න පුළුවන් කියලා හිතුණා. ඒ වගේම මේ තුළින් මාවම පෝෂණය කරගන්න පුළුවන් කියලා හිතුවා. අමතක නොවන අත්දැකීම් ඇති මට මේ හැම දෙයක්ම අමතක නොවන අත්දැකීම්. මේ චිත්‍රපටය ඇතුළේ ගොඩක් දේවල් කරන්න තිබ්බා. වතුර ඇතුළේ රූ ගැන්වීම් තිබ්බා. කැලේ ඇතුළේ මම දුවගෙන එනකොට මගේ දෙපැත්තෙන් අලියෝ දෙන්නෙකුත් දුවන දර්ශන එහෙම මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ වගේම විවිධ අය එක්ක මට කාලය ගත කරන්න ලැබුණා. ඒ සියල්ල හරි සුන්දර අමතක නොවන අත්දැකීම්. ආයේ ආරාධනාවක් ආවොත් භාර ගන්නවද? ඔව්, එහෙම ආරාධනාවක් අවොත් හිතලා බලනවා. කොහොම වුණත් මේ කණ්ඩායම එක්ක ආයේ වැඩ කරන්න ලැබෙනවා නම් ඇත්තටම කැමැතියි. ඔබේ රටේ ඔබ කැමැතිම නිළිය කවුද? ප්‍රියංකා චොප්රා. මම ඇයගේ ලොකු රසිකාවියක්. කැමැතිම නළුවා සල්මන් ඛාන්, ආයුෂ්මන් කුරානා ලංකාව ගැන මොකද හිතෙන්නේ හරි ලස්සන රටක්. මිනිස්සුත් හරිම හොඳයි. හරි ප්‍රශංසනීයයි සහ සුහදශිලීයි. හැමදේම හරි පිළිවෙළකට සංවිධාන කරලා තියෙනවා. පිරිසිදුයි. හරියටම කිව්වොත් දකුණු ඉන්දියාව ලස්සන කරලා ගත්තොත් ලංකාවත් ඒ වගේ තමා. මගේ අම්මා එක සැරයක් ආව මාව බලන්න ලංකාවට, අම්මා කිව්වෙත් අනේ මේ රට හරිම ලස්සනයි. අපිට මෙහෙ ඉන්න වුණත් පුළුවන් නේ කියලා .අම්මත් ගොඩක් කැමැති මෙහෙ මිනිස්සුන්ට සහ කෑම ජාතිවලට. මම මීට කලින් ෂූට් කිහිපයකට ලංකාවට ඇවිත් තියෙනවා. එතකොට මම හිටියේ කොළඹ විතරයි. මේ සැරේ තමා මට ලංකාව ඇතුළේ සුන්දරත්වය බලන්න ලැබුණේ. ඇත්තටම මම හිතන් හිටියට වඩා සුන්දර මිනිස්සු ඉන්න ලස්සන රටක්. අනාගත බලාපොරොත්තු චිත්‍රපටවල ඉදිරියටත් සම්බන්ධ වෙන ගමන් මම මගේ තාත්තගේ ව්‍යපාරවලටත් සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්නේ. මම ආසයි විවධ දේවල් උත්සහ කරලා බලන්න. එකම දෙයක් තුළ නියැළෙනවාට වඩා. මම හිතන්නේ අපිට හොඳට කාලය තියෙනවා. ඒ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ගමන් ජිවිතයට අත්දැකීම් එකතු කර ගන්න එක තමා බලාපොරොත්තුව. කඳකුමරුගේ චරිතය රඟපාන භාරතීය රංගන ශිල්පී සමර් විර්මානී නම සමර් විර්මානී. උපන් ගම ඉන්දියාවේ චණ්ඩිගර්වල. මම දැනට ජීවත් වෙන්නේ ඉන්දියාවේ මුම්බායිවල. පවුලේ විස්තර දැනට මව ජීවතුන් අතර නෑ. එක සහෝදරියක් ඉන්නවා. ඉගෙන ගත් පාසල ඉන්දියාවේ හර්යානාහී පන්ච්කුලවල ලිට්ල් ෆ්ලවර් කොන්වන්ට් සහ පූනේවල අධ්‍යාපනය ලැබුවේ ඉංජිනේරු විද්‍යාව රංගනයට යොමු වෙන්නේ කොහොමද? පූනේවල ඉංජිනේරු විෂය ඉගෙන ගත්තට ඉපදිලා තියෙන්නේ වෙන දේකට කියලා නිතරම මගේ හිත මට කිව්වා. ඊට පස්සේ මම මොනවද කරන්න ඕන කියලා හොඳට හිතලා බැලුවා. මම කැමැති වුණේ රංගනය පැත්තෙන් ඉදිරියට යන්න. ඉතින් ඒ හින්දා රංගනය තෝරාගත්තා. මුල්ම රංගනය 2011 වසරේදී ජෝ හම් චාහේන් හින්දී සිනමාපටයේ චරිතයක් කරන්න අවස්ථාව ලැබුණා. ඊටපස්සේ මොනවටද දායක වුණේ පුංචි තිරයේ නොට් ක්නවුන් කියන කතාංග මාලාවටත් දායක වුණා. 2015 දී ස්ටුපිඩ් කියුපිඩ් කියන ටෙලි ෆිල්ම් එකේ හිටියා. ඒ වගේම ශාදී ජාසූස් කියන ටීවී ෂෝ එකේ වගේම, ලාශ්ටම් පාශ්ටම් කියන සිනමාපටයට රංගනයෙන් එකතු වුණා. වැඩියෙන්ම මම ඉඳලා තියෙන්නේ වෙළෙඳ දැන්වීම්වල. ඒ අතර නිසාන් මයික‍්‍රා, ආරාචුතේ, කොහිනූර් බාස්මතී රයිස්, නෙස්කැෆේ, ස්ප‍්‍රයිට්, හිමාලය ෆේස් වොෂ් ඇතුළු වෙළෙඳ දැන්වීම් 100කට අධික ප‍්‍රමාණයකට පෙනී ඉඳලා තියෙනවා. මොකද හිතුණේ ලංකාවේ චිත්‍රපටයකට අවස්ථාව ලැබුණාම මුලින්ම මාව මේ චරිතයට තෝරාගත්ත සුනිල් සර්ටත් ඒ වගේම මේ සිනමාපටයේ සහාය අධක්ෂ විමල් සර්ටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මගේ ජීවිතයට ලැබුණු ලොකු අවස්ථාවක් විදියට මෙය දකිනවා. කොහොමද මේ අවස්ථාව ලැබෙන්නේ මට මේ සිනමාපටයේ ඔඩිෂන් එකට එන්න කිව්වේ හිමේෂ් චවුද්‍රි. ඉතින් මම ඔඩිෂන් එකට ගියා. සුනිල් සර් විමල් සර් මාව තෝරාගෙන තිබ්බා. ඊට පස්සේ මට මීටින් එකකට එන්න කිව්වා. ඒ වෙද්දීත් මට ෆිල්ම් එක ගැන කිසිම අදහසක් තිබුණෙ නැහැ.කොහොම හරි වාසනාවකට මට මම ගෝර්ඩ් මුරුගන්ට පණ පොව්වන්න ලැබුණා. කොහොමද ලැබුණු අත්දැකීම මගේ මව් රටෙන් පිට නිර්මාණයකට දායක වුණේ පළවෙනි වතාවට. මෙහෙත් හැමෝම අපේ රටේ වගේම නිර්මාණය හොඳට කරගන්න මහන්සිවෙලා වැඩ කරනවා. මටත් දැන් සිංහල වචන කිහිපයක් තේරැම් ගන්න පුළුවන්. ෆිල්ම් එකක් කියන්නේ කණ්ඩායම් වැඩක්. ලොකු වගකීමක්. මෙහේ හැමෝම ඒ වෙනුවෙන් එකා වගේ එක විදියට වැඩ කළා. කොස්ටියුම් ඉඳන් හෙයාර් ස්ටයිල්, මේකප් ඇතුළු හැමෝම. මේක මට අලුත් අත්දැකීමක් වුණා. ලංකාව ගැන, ලංකාවේ සිනමාව ගැන දැනගෙන හිටියද? මෙහේ සිනමාපට ගැන නම් මම ලොකු දෙයක් මුලින් දැනගෙන හිටියේ නෑ. ලංකාව කිව්ව ගමන් මට නම් මතක් වෙන්නේ ක්‍රිකට්. මම ලංකාවේ ක‍්‍රිකට්වලට ගොඩක් ආස කළා. ජයසූරිය, මහේල ජයවර්ධන, චමින්ද වාස්, සංගක්කාර ඒ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට මම ගොඩක් කැමැතියි. ලංකාව ගැන මොකද හිතෙන්නේ ගොඩක් හොඳ මිනිස්සු ජීවත්වෙන ලස්සන රටක් කියලා දැනුණා. මම මේ වෙලාවේ මේ සිනමාපටයේ අධ්‍යක්ෂ සුනිල් සර්ට, ඒ වගේම සහාය අධ්‍යක්ෂ විමල් සර්ට වගේම මේකප් කොස්ටියුම්, හිස අලංකරණ ශිල්පීන් ඇතුළු සෙට් එකේ හැමෝටමත් නිෂ්පාදකතුමාටත් ස්තූති කරන්න ඕන. ඔබේ රටේ ඔබ කැමැතිම නළුවා කවුද? සිනමාවේ හදවත ශාරුක් ඛාන්ට මම ගොඩක් කැමැතියි. ඒ වගේම මෑත කාලයේ රන්බීර් කපූර්, ආයුෂ්මන් කුරාණ,ඉර්ෆාන් ඛාන් වගේ අයටත් කැමැතියි. කැමැතිම නිළිය කාජල්, ඇයගේ සියලුම චිත්‍රපට මම නරඹලා ඇති. ඒ වගේම ආලියා භාට්ටත් කැමැතියි. ආයේ ලංකාවෙන් ආරාධනාවක් ආවොත් අනිවාර්යෙන්ම භාර ගන්නවා. ලංකාව තුළදී ලැබුණු ආදරය ගෞරවය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මේ මතකයන් නැවත නැවත මාව ලංකාවට අරගෙන එනවා. අනාගත බලාපොරොත්තු මොනවද? දැන් මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා වසර 7ක් වගේ. ඉතින් දැන් හැමදේම සුබවාදී විදියට ලැබෙමින් පවතිනවා. හොඳ ගුණාත්මක නිර්මාණවලට දායක වීම තමා එකම බලාපොරොත්තුව. ඒක ඕනෙම මාධ්‍යයක් වෙන්න පුළුවන්, චිත්‍රපට ටෙලි නාට්‍ය හෝ වෙබ් නිර්මාණ. මම ඒ තුළ දකින්නේ ලැබෙන චරිතය සහ කරන්න තියෙන දේ විතරයි. ඒ වගේම සතුටු වෙනවා ලංකාවේ දැවැන්ත සිනමා නිර්මාණයකට සම්බන්ධ වීමට ලැබීම සහ ලංකාවේ ප්‍රේක්ෂකයන්ට හොඳ දෙයක් කරන්න පුළුවන් වීම ගැන.   අනුෂා රණසිංහ ඡායාරූප - ලලිත් පෙරේරා
 

More News..