brand logo

භාතියගෙන් යාපනයේ පවුලකට හිසට සෙවණක්

06 August 2019

යාපනය,ඉයන්තාර්,කෝවිල්අඩි,කොඩිකාමම් ප්‍රදේශයේ රාජරත්නම් ජයකුමාරි මහත්මිය වෙනුවෙන් ඉදිකළ නව නිවසක් අදාළ පවුල වෙනුවෙන් පරිත්‍යාග කිරීම 04 වැනිදා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතාගේ හා ගායන ශිල්පි භාතිය ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ. ගායන ශිල්පි භාතිය ජයකොඩි මහතාගේ හා චින්තක සොයිසා මහතාගේ ධන පරිත්‍යාගයෙන් යාපනය ආරක්ෂක සේනා නිළධාරීන්ගේ ශ්‍රම දායකත්වය යටතේ නව නිවස ඉදිකොට තිබිණ. යාපනය ආරක්ෂක සේනා 522 බල‍‍සේනා මූලස්ථානයේ අධීක්ෂණය යටතේ 15 වන ගජබා රෙජිමේන්තු නිළධාරීන්ගේ ශ්‍රම දායකත්වය යටතේ නව නිවස ඉදිකරනු ලැබීය. නිදන කාමර දෙකක්,මුළුතැන්ගෙයක් හා විසිත්ත කාමරයකින් යුතුව අංග සම්පූර්ණ නිවසක ලෙස නව නිවාසය අදාළ පවුල වෙනුවෙන් ඉදිකොට තිබිණ. වැඩසටහන් අවස්ථාවට යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන 52 ‍සේනාංකයේ සේනාංකාධිපති,යාපනය යුධ හමුදා නිළධාරීන්,ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..