brand logo

බෞද්ධ භික්ෂුවක් කතෝලික දෙව්මැදුරක් හදයි

14 October 2021

පුංචි ඊශ්‍රායලයට පන්සලේ අනුග්‍රහයෙන් සුද්දොත්තමයානෝ වඩී

ත්‍රිකුණාමලය චීන වරාය මීසමේ වෙල්ලමනල් ශුද්ධාත්මයාණන්ගේ නව දෙව් මැදුරට මුල් ගල තැබීම අලුත්ඔය සද්ධාතිස්ස මහ නාහිමි ඇතුළු බෞද්ධ ඉස්ලාමීය කතෝලික සැදැහැවතුන්ගේ අනුග්‍රහයෙන් පැවැත්විණි. වසර පනහකට වඩා පැරණි මෙම පෞරාණික වටිනාකමක් සහිත දේවස්ථානය කඩාවැටීමට ආසන්න මොහොතක චීන වරාය මීසමේ ගරු ජෝර්ජ් දිසානායක පියතුමන් මැදිහත්වී කෙසේ හෝ ශුද්ධාත්මයාණන්ගේ දේවස්ථානය ඉදිකිරීමට ඉදිරිපත් විය. තවද බෞද්ධ හිමි නමක් කතෝලික දේවස්ථානයක් ඉදිකිරීම සඳහා මූලිකත්වය ගැනීමද විශේෂත්වයකි. මේ සඳහා සහභාගි වූ බෞද්ධ ඉස්ලාමීය ආරාධිත මහතුන් හැකි පමණින් දේවස්ථානය ගොඩනැඟීමට උදව් උපකාර කිරීමට එකඟ විය. මෙම ශුද්ධාත්මයාණන්ගේ දේවස්ථාන ලංකාවටම තිබෙන්නේ දේවස්ථාන තුනකි, එයින් උතුරු නැගෙනහිර පළාතේ තිබෙන්නා වූ එකම දේවස්ථානය ද මෙම දේවස්ථානය වේ. ඉපැරණි ගෘහ නිර්මාණ ශිල්පය උපයෝගී කරගනිමින් නිර්මාණය කර තිබෙන මෙම දේවස්ථානය මේ ආකාරයටම සංරක්ෂණය කරමින් නව දේවස්ථානය ඉදිකිරීමට බලාපොරොත්තු වේ. මේ සඳහා ලක්වාසී කතෝලික ජනතාවගේ උදව් උපකාර චීන වරාය මීසමේ ජෝර්ජ් දිසානායක පියතුමා බලාපොරොත්තු වේ. සුමේධ රෝෂාන්
 

More News..