brand logo

බෞද්ධ දහම් පාසල් 17 වැනිදා සිට නැවත ආරම්භ කිරීමට සැලසුම් කරයි

15 January 2021

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ තාවකාලිකව වසා දැමූ බෞද්ධ දහම් පාසල් ලබන 17 වැනි ඉරිදා සිට නැවත ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර තිබේ. මේ සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ බස්නාහිර පළාතේ හා හුදෙකලා ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පිහිටි පාසල් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබාදෙන උපදෙස් මත නැවත පසුගිය 11 වැනිදා ආරම්භ කිරීම සමාගමීව මෙම තීරණය ගෙන ඇති බවයි. බස්නාහිර පළාතේ දහම් පාසල් සමස්ත පාසල් පද්ධතිය ආරම්භ කිරීමෙන් පසු එළඹෙන ආසන්නතම ඉරිදා දින ආරම්භ කිරීමට තීරණය කර තිබේ. එමෙන්ම හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාසල් ආරම්භ කිරීමෙන් පසු එළඹෙන ඉරිදා දහම් පාසල් පැවැත්වීමට තීරණය කර ඇත. මෙහිදී ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබාගෙන කොවිඩ්-19 මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතු බව බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
 

More News..