brand logo

බෝම්බ පිපිරීමේ සිදුවීම්වලට සම්බන්ධ දස දෙනෙකු වවුනියාවෙන් අත්අඩංගුවට

27 April 2019

බෝම්බ පිපිරීමේ සිදුවීම්වලට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් දස දෙනෙකු අද(27) දහවල් වවුනියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ පොලිස් හා යුධ හමුදා නිළධාරීන් වෙත ලද තොරතුරු මත වවුනියාව නගරයේදී එලෙස සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි. ව්‍යාපාරිකයින් ලෙස පැමිණි පුද්ගලයින් පිරිසක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය සඳහන් කළේය. ආරක්ෂක අංශ ‍සෝදිසි කිරීම් හේතුවෙන් වවුනියාව නුවර මාර්ගය,වවුනියාව මන්නාරම මාර්ගය හා වවුනියාව නගරයේ බසාර් විදීය ඇතුළු ප්‍රදේශ රැසක් වසා දමා තිබිණ. පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් පිරිස වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර,සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..