brand logo

බෝම්බ පිපිරීමෙන් ජිවිතක්ෂයට පත්වූවන්‍ වෙනුවෙන් ශෝකය පළ කරමින් මන්නාරමේ හර්තාල්

22 April 2019

බෝම්බ පිපිරීමේ සිදුවීම්වලින් ජිවිතක්ෂයට පත්වූවන් වෙනුවෙන් ශෝකය පළ කරමින් මන්නාරම වෙළඳ ප්‍රජාව සිය වෙළඳසැල් වසා දමා අද(22) හර්තාලයක් ක්‍රියාත්මක කළ බව මන්නාරම වෙළඳ සංගමය පවසයි. මන්නාරම වෙළඳ ප්‍රජාව පැවසුවේ බෝම්බ ප්‍රහාරයන්ගේ ජිවිතක්ෂයට පත්වු සහෝදර ජනතාවගේ ආත්ම ශාන්තිය ප්‍රාර්ථන කරන බවත්,‍ඒ වෙනුවෙන් වන ශෝකය ප්‍රකාශ කිරීමට තමන් තමන්ගේ වෙළඳසැල් වසා දැමු බවයි. බෝම්බ ප්‍රහාර වෙනුවෙන් වගකිව යුතු පිරි ස වෙනුවෙන් රජය දැඩි දඩුවම් ලබාදිය යුතු බවත්,රජය දැඩි ප්‍රතිපත්තියක සිට ජනතාව ඝාතනය කරන මෙවැනි ඝාතකයින් එල්ලා මරා දැමිය යුතු බවත් මන්නාරමේ වෙළෙන්දන් පිරිසක් පැවසූහ. බෝම්බ ප්‍රහාරයන්ගෙන් ජිවිතක්ෂයට පත්වූවන්ගේ පවුල් වෙනුවෙන්ද තම ශෝකය ප්‍රකාශ කරන බවද මන්නාරම වෙළඳ ප්‍රජාව පැවසූහ. ‍මන්නාරම වෙළඳ සංගමය පැවසුවේ උදැසන තම සංගමයේ සාමාජිකයින් රැස්වි සාකච්ජා කොට හර්තාලයක් පැවැත්වීමට කටයුතු කළ බවයි. වෙළඳ සැල් වසා දමා,කළු කොඩි ඔසවා, සිදුකරන හර්තාලය හේතුවෙන් මන්නාරමේ ජන ජිවිතයට බාධා එල්ල වි පවති. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..