brand logo

බෝපත්ඇල්ල සංචාරකයන්ට තහනම්

05 May 2021

පවතින කොවිඩ් අවදානම හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයන්ට කුරුවිට බෝපත් ඇල්ල සංචාරක කලාපයට ඇතුළු වීම නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් තහනම් කිරීමට කුරුවිට ප්‍රාදේශීය සභාව මගින් පියවර ගෙන ඇත. මේ සම්බන්ධයෙන් මාධ්‍යට කරුණු දැක් වූ කුරුවිට ප්‍රාදේශීය සභාවේ ලේකම් සුධර්මා වීරක්කොඩි සඳහන් කළේ පවතින කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන රජයෙන් නිකුත් කර ඇති කොවිඩ් මර්දන විශේෂ උපදෙස් මාලාව සැලකිල්ලට ගෙන ජනතාව බහුලව ගැවසෙන පොදු ස්ථානයක් වන බෝපත්ඇල්ල සංචාරක කලාපය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රේමරත්න මල්කැකුලගේ උපදෙස් මත නැවත දැනුම් දෙන තුරු ජනතාවට තහනම් කලාපයක් බවට පත්කළ බවයි. තහනම් කලාපයක් බවට පත් කරමින් පුවරු ප්‍රදර්ශනය කර ඇතත් පසුගිය ඉරිදා දින ද විශාල පිරිසක් දිය නෑමට හා විනෝද වීමට අනවසරයෙන් පැමිණ සිටි බැවින් ඔවුන් කුරුවිට පොලිසියේ නිලධාරීන් යොදවා ඉවත් කිරීමට කටයුතු කළ බවත් සඳහන් කළ ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියේ නැවත දැනුම් දෙන තුරු මෙම ප්‍රදේශයට පැමිණීමෙන් වළකින ලෙසයි. මෙම තීරණය කුරුවිට ප්‍රාදේශීය කොවිඩ් කමිටුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති අතර මේ සම්බන්ධයෙන් සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව හා පළාත් සංචාරක අමාත්‍යාංශයද, රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගමද, කුරුවිට ප්‍රාදේශීය ලේකම් දිලිනි ධර්මදාසද, කුරුවිට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් රත්නායක ද දැනුවත් කිරීමට කුරුවිට ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය විසින් කටයුතු කර ඇත. සුනිල් පියතිලක-කුරුවිට
 

More News..