brand logo

බොලිවුඩ් සුපිරි නළු සුෂාන්ත් දිවි නසා ගනී

15 June 2020

බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත් මුම්බායිහි පිහිටි ඔහුගේ නිවසේදී සිය දිවි නසාගෙන තිබේ. කෙටි කාලයක් ඇතුළත ඉර්ෆාන් ඛාන් සහ රිෂි කපූර් අහිමිවීමෙන් අනතුරුව බොලිවුඩයට අහිමි වූ තෙවැනි නළුවා වන්නේ 34 හැවිරිදි සුෂාන්ත්ය. සුෂාන්ත්ගේ අවසන් රඟපෑම වූයේ 2019දී තිරගත වූ ‘චිචෝරි’ චිත්‍රපටයයි. එහි ඔහු ශ්‍රද්ධා කපූර් සමග ප්‍රධාන චරිතය රඟපෑ අතර, එය බොක්ස්ඔෆීස් වාර්තා තැබූ චිත්‍රපටයක් බවට පත්විය. ආරම්භයේදී සුෂාන්ත් සිං රූපවාහිනී නළුවකු වූ අතර, ඔහු බොලිවුඩ් සිනමාවට පිවිසියේ 2012 වර්ෂයේදීය. පී.කේ. සහ කේදරනාත් වැනි චිත්‍රපට හරහා ඔහු දැවැන්ත ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත්තේය. මෙතෙක් ඔහු ලබා ඇති විශාලතම ජයග්‍රහණය වන්නේ ‘එම්.එස්. දෝනි; අන්ටෝල්ඩ් ස්ටෝරි’ චිත්‍රපටයයි. ඉන්දියාවේ රසිකයන් බොහෝ සෙයින් ආදරය කරන ක්‍රිකට් නායක දෝනිගේ චරිතය සුෂාන්ත් එහිදී රඟපෑවේය. සුෂාන්ත් සිං, මුම්බායිහි සිය නිවසේ තනිව වාසය කර ඇත. විදෙස් වාර්තා සඳහන් කරන ආකාරයට ඔහු දින කිහිපයක සිට අසනීප තත්ත්වයකින් පසුවී තිබේ. පොලිසිය ඔහුගේ සිරුර සොයාගෙන ඇත්තේ නිවසේ විදුලිපංකාවක එල්ලී සිටියදීය. මීට දින පහකට පෙර ඔහුගේ හිටපු කළමනාකාරු දීෂා සාලියන්ද අබිරහස් ලෙස මියගොස් සිටියදී පොලිසිය විසින් සොයාගන්නා ලදී.   නයන තරංග ගමගේ
 

More News..