brand logo

බොලිවුඩ් නිළි රේඛාගේ නිවසට මුද්‍රා තබයි

14 July 2020

ඉන්දියාවේ සුප්‍රකට නිළියක වන රේඛාගේ නිවසට මුද්‍රා තැබීමට මුම්බායිහි නගර බලධාරීන් පියවර ගෙන ඇති බැව් වාර්තා වෙයි. මෙවැනි පියවරක් ගෙන ඇත්තේ ඇයගේ ආරක්‍ෂක නිලධාරියෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බැව් අනාවරණය වීමත් සමගය. නිවස අවට ප්‍රදේශයද යම් යම් සීමාවන්ට යටත් කර ඇති බැව් සඳහන්ය. මේ වනවිට 65 වැනි වියෙහි පසුවන රේඛාට වයිරසය ආසාදනය වී ඇත්ද යන්න සඳුදා (13දා) දහවල් වනවිට ප්‍රකාශයට පත්ව තිබුණේ නැත. නමුත් ඇයද කොවිඩ් පරීක්‍ෂාවක් සඳහා පෙනී සිටීමට නියමිත බැව් වාර්තා වෙයි. ඇයගේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාද, ඇයගේ අසල්වැසියකු වන ෂබානා ආස්මිගේ කාර්ය මණ්ඩලයේ අයද පරීක්‍ෂාවන්ට භාජනය කර ඇති බැව් මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙයට පෙර ආමීර් ඛාන්, බොනී කපූර්, කරන් ජොහාර් වැනි බොලිවුඩ් කලාකරුවන්ගේ කාර්ය මණ්ඩලවල කිහිප දෙනෙකුද ආසාදිතයන් ලෙස තහවුරු වී තිබිණි. සහන් වික්‍රමගේ
 

More News..