brand logo

බොලිවුඩ් ජනප්‍රිය නළුවෙක් සිය දිවි නසාගනී

13 November 2020

බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළුවකු වන අසිෆ් බස්රා සියදිවි හානි කරගෙන ඇතැයි වාර්තා වේ. ඔහුගේ සිරුර ධරම්සාලා හි මැක්ලියෝඩ්ගාන්ජ් නම් ප්‍රදේශයේ පිහිටි නිවසකින් හමුවී තිබේ. ඔහු එම නිවස තුළ එල්ලී මියගොස් ඇති බව පොලීසිය පැවසීය. මියයන විට ඔහු 53 හැවිරිදි වියේ පසුවිය. අසීෆ්ගේ පෙම්වතිය සිද්ධිය පිළිබඳව පොලීසියට දැනුම් දී ඇති අතර මූලික පරීක්ෂණයෙන් ඔහු මානසික අවපීඩනයෙන් පෙළෙන බව හඳුනා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
 

More News..