brand logo

බොලිවුඩ්වල රඟපාපු ගාම්‍යයා ලංකාවට ඇවිත් ගහපු යූ ටර්න් එක

12 January 2020

රියැලිටි තරගයක නිවේදිකාවක් ලෙසින් සමීප වූ ඇය යළි අපට හමුවන්නේ සිනමා රිදී තිරයෙන්. ඒ මේ දිනවල තිරගත වන යූ ටර්න් හි මායා ලෙසින් මායා චරිතයට ලැබෙන ප්‍රතිචාර මායා චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මායා කියන්නෙ කොහොමත් මිනිසුන්ගේ ආදරය ආකර්ෂණය ලැබෙන චරිතයක්. එය තිරපිටපත අනුව ස්වභාවික ලැබෙන දෙයක්. ඒ තුළ විශේෂ කරලා ප්‍රේක්ෂකයන්ට මං ගැන සුබවාදී අදහසක් තියෙනවා. පළමු වතාවට ප්‍රේක්ෂකයා මාව රිදී තිරයෙන් දකින්නේ. ඒ නිසා ලොකු වටිනාකමක් මට තියෙනවා.දැනට බලපු හැමෝම වගේ සුබවාදී ප්‍රතිචාර ලබා දෙන්නේ. ඒත් මම නම් කැමතියි සුබවාදී නොවන ප්‍රතිචාරවලටත්. ඒ හරහා අපිට අපේ අඩු පාඩුකම් හදාගන්න පුළුවන්. වාසනාවකට වගේ ලැබෙන්නේ නම් සුබවාදී ප්‍රතිචාර. රඟපෑ මුල්ම සිංහල චිත්‍රපටයට කලින් යූ ටර්න් තිරගත වීම ගැන මොකද හිතෙන්නේ ලංකාවේ සිනමාව තුළ කලට වෙලාවට සිනමා නිර්මාණය තිරගත වෙයි කියලා කියන්න අමාරුයි. මුල්ම සිනමා රංගනය එකතු වුණේ අරුණ ජයවර්ධනගේ 1970 ලව්ස් ස්ටෝරි සිනමා නිර්මාණයට. ඒ සිනමාපටය තිරගත වෙනකම් ආසාවෙන් මග බලාගෙන ඉන්නවා. ඒකේ මම ප්‍රධාන චරිතය කරන්නෙ. වෙනස් වූ සුන්දර චරිතයක් ඒ තුළ තියෙන්නේ. මුල්ම නිර්මාණය මුලින්ම තිරගත වුණා නම් හොඳයි කියලාත් හිතෙනවා. හැබැයි මම හැමදේම වෙන්නේ හොඳට කියලා සුබවාදී ව දකිනවා. ඔබ ලාංකීය සිනමාවට එන්න කලින් ඉන්දීය සිනමාවට එකතු වූ කෙනෙක්, අපි ඒ ගැනත් කියමු ඔව්. මම මුලින්ම සිනමාව අත් වින්දේ බොලිවුඩ් සිනමාව තුළින්. මම අවුරුදු හයක් වගේ කාලයක් ඉන්දියාවේ ඉගෙනීමේ කටයුතුවල නිරතවෙලා හිටියා. ඒ කාලය තුළ බොලිවුඩ් නිර්මාණ තුනක රංගන දායකත්වය ලබා දුන්නා. ඒ වගේම මම ඉන්දියාවේ දී පූර්ණකාලීනව රංගනය හැදෑරීම් කළා. ඊට අමතරව භාෂාව සහ භරත සහ කථක් නර්තනය ඉගෙන ගත්තා. කොහොමත් මම උඩරට පහතරට නර්තනය පවා ඉගෙන ගෙන තියෙනවා. මේ හැමදෙයක්ම අපි ට අපේ ජීවිතේ විවිධ විභාගවලදී ලැබෙන අවස්ථාවන්වලදී ගොඩක් වටිනවා. ඔබ වැඩි කාලයක් විදෙස්ගතව නේද හිටියේ ඔව්, මම වයස අවුරුදු නවය දහය වගේ වෙද්දි සිංගප්පූරුවට ගියේ, ඊට පස්සෙ ඔස්ට්‍රේලියාවට ගියා. එහි තමා වැඩිම කාලයක් හිටියේ. අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ පශ්චාත් උපාධිය දක්වා ඉගෙන ගත්තේ ඔස්ට්‍රේලියාවේ. දැනුත් මම ලංකාවේ වරලත් අලෙවිකරණය පිළිබඳ පශ්චාත් උපාධියක් කරනවා. මේ වෙද්දි ස්ථිර පදිංචිය ලංකාවෙද ස්ථිර කියන්නේ, මේ කාලය තුළ නම් දීර්ඝකාලීනව ලංකාවේ ඉන්නවා. මට කොහොමත් සංචාරය කරන්න කැමති කෙනෙක්. ඒ නිසා යනවා එනවා, කොහොම වුණත් ලැබෙන වැඩ එක්ක වැඩි කාලයක් ලංකාව තුළ ඉන්නවා. සිනමාවට පමණද රංගන දායකත්වය ලබා දෙන්නෙ.පුංචි තිරයෙ ඇරයුම් ප්‍රතික්ෂේප කරනවද නැහැ. ප්‍රතික්ෂේප කරන්නෙ නැහැ. කොයි මාධ්‍ය තුළින් වුණත් හොඳ චරිතයක්, ප්‍රබල චරිතයක් හොඳ තේමාවක් රැගත් නිර්මාණයක් නම් මම හිතන්නේ කවුරුත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මටත් ඒක පොදුයි. ඒ නිසා වේදිකාව ද, පුංචි තිරය ද සිනමාව ද කියන එක නෙවෙයි වැදගත්. මේ වෙද්දිත් මම මුද්‍රා නාට්‍යයක කුවේණි චරිතයට ඉන්නවා, පෙබරවාරි මාසයේදී දැක ගන්න ලැබෙයි, උරුමයක පෙළහර මුද්‍රා නාට්‍යය. වෘත්තියෙන් ඔබ ... වෘත්තියෙන් මම ව්‍යාපාර කළමනාකරණය කරන්නේ,මම ඉගෙන ගත්ත දේ, ඒ දැනුම මම පෞද්ගලික අධ්‍යාපන ආයතනවල බාහිර කථිකාචාර්යවරයකු විදියටත් කටයුතු කරනවා, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේත් මම බාහිර කථිකාචාර්යවරයකු විදියට කාලයක් කටයුතු කළා.මම ඉගෙන ගත්ත දේට ලොකු වටිනාකමක් දෙන කෙනෙක්. රංගන දායකත්වය ලබා දෙන්න ආසාවෙන් ඉන්න චරිත තියෙනවා ද ආස චරිත තියෙනවා. සමහර නිර්මාණ බලද්දී හිතෙනවා මේ චරිතය මෙහෙම කරන්න තිබ්බා නම් කියලා. ඒ වගේම සාමාන්‍ය ජීවිතේ අත්දකින චරිත තියෙනවා. ඒ වගෙම සාමාන්‍ය ස්වරූපයෙන් මිදිලා අභියෝගාත්මක චරිත කරන්න කැමතියි. මම හිතනවා මට චරිතාංග ශිල්පිනියක් වෙන්න පුළුවන් සහ එයට අවශ්‍ය අවස්ථාවන් මට ලැබෙයි කියලා. කොහොමද චරිත තෝරා බේරා ගන්නේ විශේෂයෙන්ම පිටපත ප්‍රබල වෙන්න ඕනේ. ඒ වගේම අධ්‍යක්ෂවරයා කවුද කියන එක ගැනත් සැලකිලිමත්. රූ රැජිනක් රංගන ශිල්පිනියක් වීම ගැන අද මොකද හිතෙන්නේ රූ රැජිනක් වීම නිසා රංගන ශිල්පිනියක් වුණේ නැහැ. රූ රැජිනක් වීම නොසිතූ විරූ විදියට සිදු වුණේ. නමුත් මම රංගනය දකින්නේ මගේ ආත්මීය බැඳීමක් සාංසාරික පුරුද්දක් කියලා. ආදරය දකින්නේ කොහොමද ආදරය දකින්නේ ජීවිතයකට යම් කිසි අරුතක් එක් කරන දෙයක් හැටියට. අපි ආදරය ගන්න ගොඩක් කැමතියි. නමුත් කෙනෙක්ට ආදරය දීම සහ ඒ ආදරය තුළින් ජීවිතයක් සුන්දර කරන එක ගොඩක් වටිනවා. මේ වෙද්දි පෙම්වතියක් ද නැහැ. පෙම්වතියක් නෙවෙයි කොහොම කෙනෙක්ද හොයන්නේ මට ආධ්‍යාත්මික පැත්තෙන් ගොඩක් ගැළපෙන කෙනෙක්, මම බෞද්ධාගමික කෙනෙක් බෞද්ධ දර්ශනය ට ගොඩක් නැඹුරු කෙනෙක්, ඒ නිසා ආධ්‍යාත්මික දියුණුව හොයාගෙන යන මගේ ජීවිතයත් කලාවත් තේරුම් ගත් මේ ජීවිතය එකට යාත්‍රා කළ හැකි ශක්තියක් තමයි හොයන්නෙ. කේන්දර විශ්වාස කරනවද ඔව්. යම් කිසි ගුණයක් ඇත්තක් ඒ තුළ තියෙනවා. ඕනෑවට වඩා ඒ තුළ රැඳිලා මුළු ජීවිතයම කේන්දරය මත තියන්න හොඳ නැහැ, තමන්ගේ ක්‍රියාවන් එක්ක දෛවය වෙනස් කළ හැකියි. ශ්‍රී සද්ධර්මය තුළත් ඒක තියෙනවා.ඕනෙම දෙයක් ඕනෑවට වඩා ඕනේ නැහැ කියලාත් කියනවනේ. අනූෂා රණසිංහ
 

More News..