brand logo

බොරු හදිසියක් පෙන්වා වැඩි මිලට විදුලිය ගන්න අනුමැතිය අරන්

25 May 2019

හදිසි විදුලි මිලදී ගැනීමකට මුවාවෙමින් මීට පෙර හදිසි මිලදී ගැනීම යටතේ විදුලිය ලබා ගත් මිල ගණන්වලටත් වඩා වැඩි මිලකට විදුලිය මෙගාවොට් 400ක් මිලදී ගැනීමට තීරණය කර ඇත. මීට පෙර හදිසි විදුලිය මිලදී ගැනීමේදී රුපියල් 25කට ඒකකයක් මිලට ගැනීමට තීරණය කළ අතර දැන් මෙගාවොට් 400ක් මිලදී ගැනීමේදී ඊට වඩා රුපියලක් වැඩි මිලකට මිලට ගැනීමට යාම ගැන සැක මතු වී ඇති බව සේවකයෝ පවසති. කෙරවලපිටියේ බත්තලකින් මෙගාවොට් 200ක් ලබන මාසයේ සිට (ජුනි) මාස හයකටත් සැප්තැම්බර් මාසයේ සිට මාස නවයකටත් මිලට ගැනීමට කැබිනට් අනුකාරක සභාවේ අනුමැතිය ලැබී ඇත.
 

More News..