brand logo

බොරු කියා රාගම රෝහලට ඇතුලත් වු කොරෝනා ආසාදිතයාට නඩු

20 March 2020

හෘදයා බාධයක් වැළදී ඇති බව පවසමින් රාගම රෝහලට ඇතුලු කොරෝනා වෛරසය ආසාදිත වී සිටි පුද්ගලයාට එරෙහිව වත්තල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොණු කර තිඛේ. අදාල පුද්ගලයා ඊයේ තමාට හෘද රෝගයක් ඇති බව පවසමින් රෝහලට ඇතුලත් වී තිබුණා. ඒ වන විටත් ඔහුට කොරෝනා රෝග ලක්ෂණ තිබී ඇති අතර ඔහු එය වෛද්‍යවරුන්ගෙන් සගවා ඇත. මෙම පුද්ගලයා ඉතාලියේ සිට පැමිණි පිරිසක් සමග සමීපව ඇසුරු කර ඇති බව පසුව අනාවරණ වී ඇත. මොහු ඔවුන් සමග සාදයකට ද එක්ව තිඛේ. මෙම පුද්ගලයා විසින් චේතනාන්විතව සත්‍ය තොරතුරු වසන් කර ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. ඒ අනුව අදාල පුද්ගලයාට සහ ඔහුට මෙම වරදට අනුබල දුන් සියලු දෙනාට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. මෙම පුද්ගලයා සිදුකළ වගකීම් විරහිත ක්‍රියාව හේතුවෙන් ඔහුට ප්‍රථිකාර කළ වෛද්‍යවරු / හෙදියන් හා අදාල වාට්ටුවේ සිටි රෝගීන් ද නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරිමට සිදුව ඇත.
 

More News..