brand logo

බොරැල්ල රථ වාහන OIC අනතුරට ලක්කර පලාගිය රියදුරු ලබන 11 දක්වා රිමාන්ඩ් - 7කට ඇප

25 February 2019

බොරැල්ල රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරකට ලක් කර පලා යෑමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ඩිෆෙන්ඩර් රථයේ හා ප්‍රාඩෝ ජිප් රථයේ සිටි සැකකරුවන් 07දෙනෙකු ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. අදාළ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු ලබන 11 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා මෙම නියෝගය කළ බවයි අප වාර්තාකරු පැවසුවේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත් රසික බණ්ඩාර අලුත්ගමගේ මහතා ඇතුළු සැකකරුවන් හත්දෙනෙකු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද මහෙස්ත්‍රාත්වරයා නියම කළා.
 

More News..