brand logo

බොරැල්ල රථවාහන අංශයේ OIC තවදුරටත් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ

08 March 2019

පසුගිය පෙබරවාරි මස 24 වන දා රිය අනතුරකට ලක් වූ බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ආන්නද සාගර සරච්චන්ද්‍ර මහතා තවදුරටත් බරපතළ තත්ත්වයේ පසුවන බව කොළඹ ජාතික රෝහල පවසනවා. ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර අදට දින 13ක් ගතව ඇති අතර, ස්ථානාධිපතිවරයා ශල්‍යකර්ම කිහිපයකට භාජනය කර ඇතත් ඔහු තවදුරටත් සිහිමුර්ජා තත්ත්වයේ පසුවන වනවා. පසුගිය පෙබරවාරි 24 වන දා රාජකාරී කටයුත්තක් සඳහා යතුරු පැදියකින් යමින් සිටියදී අලුයම 4. 30ට පමණ බම්බලපිටියේදී ඩිෆෙන්ඩර් රථයක් ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර පලා ගොස් තිබුණා. අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයා ද විය. පෙබරවාරි 26 වන දා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් 8 දෙනාගෙන් 7 දෙනෙකු ඇප මත මුදා හැර තිබුණා. ඩිෆෙන්ඩර් රථය පැද වූ උදේශ් රත්නායක නමැත්තා ලබන 11 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළා.
 

More News..