brand logo

බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර පළා ගිය ඩිෆෙන්ඩර් රථය සොයාගැනේ

24 February 2019

බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර පළා ගිය සුදු පැහැති ඩිෆෙන්ඩර් රථය බත්තරමුල්ල, පැලවත්ත, පැගෝඩා ගාර්ඩ්න් හි නිවසක තිබියදී සොයාගෙන ඇත. WP- FZ -9143 දරණ අදාළ ඩිෆෙන්ඩර් රථය එම ලිපිනයේ අංක 727 දරණ නිවසේ තිබී අද දහවල් සොයා ගත් බව පොලිසිය සඳහන් කරන අතර බම්බලපිටිය - ගාලූපාරේ, ඩුප්ලිකේෂන් - බුලර්ස් පාර මංසන්ධියේදී රාජකාරී කටයුත්තක් සඳහා අද අලූයම යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පොලිස් නිලධාරියා අනතුරට ලක් කොට මෙම ඩිෆෙන්ඩර් රථය පළා ගොස් තිබුණා. සිද්ධියෙන් තුවාල ලැබූ බොරැල්ල පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේදී සැත්කමකට භාජනය කර ඇත.
 

More News..