brand logo

බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ OIC යට කළ රියදුරුට ඇප

05 September 2019

අපරික්ෂාකාරී ලෙස ඩිෆෙන්ඩර් වාහනයක් පදවාගෙන ගොස් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා අනතුරට ලක් කොට ඔහුගේ මරණය සිදුකිරීමේ චෝදනාව මත නවිදු උමේෂ් රත්නායක නමැති විත්තිකරු රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතාාා අද (05) නියෝග කළේය. මෙම නඩුව අද දින කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණය විසින් නිකුත් කරනු ලැබූ සිතාසියක් මත විත්තිකරු මහාධිකරණය හමුවේ පෙනී සිටියේය. එහෙත් ඔහුට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් ඊයේ දින සිදු නොවූ අතර ඔහු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා නියෝග කළේය. අනතුරුව නඩුව නැවත දෙසැම්බර් මස 19 වනදා කැඳවීමට ද නියෝග කෙරිණි. නීතිපතිවරයා විසින් මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන අධිචෝදනා පත්‍රය මගින් ඉකුත් පෙබරවාරි මස 24 වනදා බම්බලපිටිය පොලිස් වසම තුල පිහිටි ගාලුපාරේ විත්තිකරු අපරික්ෂාකාරී ආකාරයෙන් සහ අධික වේගයෙන් ඩිෆෙන්ඩර් රථයක් පදවාගෙන විත් එම මාර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි බොරැල්ල පොලිසියේ එවකට රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා අනතුරට ලක් කළ බව සඳහන් කර තිබේ. සිද්ධියෙන් බරපතල ලෙස තුවාල ලැබූ පොලිස් පරීක්ෂක සරච්චන්ද්‍ර මහතා පසුව රෝහල් ගත කෙරුණු අතර සති කීපයකින් ඔහු මියගොස් තිබුණි. මෙමගින් අපරික්ෂාකාරී ආකාරයෙන් රිය පදවා සාවද්‍ය මිනීමැරුමක් සිදු කිරීම සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 298 වන වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් නවිදු උමේෂ් රත්නායක නමැති විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබේ. අධිකරණ වාර්තාකරු
 

More News..